සහය නියමුවාගේ මරාගෙන මැරුන වැඩක්


පුද්ගලයින් 150 කට මරු කැඳවමින් දකුණු දිග ප‍්‍රංශ ඇල්ප්ස් කඳුවල හැපී විනාශ වුණ ජර්මානු ගුවන් යානයේ හදිසි අනතුර ගුවන් යානය පැදවූ සහාය නියමුවා විසින් සිදු කරන ලද්දක් බව දැන් අනාවරණය වී
තිබෙනවා'යානයේ තිබී සොයාගත් කළු පෙට්ටියෙන් ලබාගත් හඩපට අනුව මේ පිළිබද සැකයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ප‍්‍රධාන නියමුවාට, නියමු කුටියට ඇතුලූවීමට ඉඩනොදී සහාය නියමුවා එහි අගුළුලා ඇති බවද මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණවලින් අනාවරණ වී තිබෙනවා. කළු පෙට්ටියේ හඩපටවලින් මේ දේවල් තහවුරුවී ඇති බව කියූ ප‍්‍රධාන විධායකවරයා සිද්ධවූ දේ ගැන කම්පනයටත් කණගාටුවටත් පත්වන බව කියා සිටියා'
ජර්මන්වින්ග්ස් සමාගමේ අවුරුදු 6 ක් පමණ පුහුණුව ලබා තිබෙන බව කියන මෙම 28 හැවිරිදි සහාය නියමු ලූබිට්ස් තරුණයා අවිවාහකයෙකි'ලන්ඩනයේ පළවන මිරර් පුවත්පත පවසන්නේ මරාගෙන මැරුණ සහාය නියමුවා මානසික අවපීඩනය නොහොත් විශාදය වැනි රෝගයකින් කලෙක සිටම පීඩා වින්ද අයෙකු බවයි'මේ බව විස්තර කර ඇත්තේ ලූබිට්ස්ගේ සමකාලීන පාසල් මිතුරියකි'කෙසේ වෙතත් ලූබිට්ස් අසාමාන්‍ය මානසික තත්වයන් පෙන්නුම් කර තිබුනේ එක්වරම බවත් ඇතැම් විට මේ යානය පදවන අතර ඇතිවූ හදිසි සිතුවිල්ලකින් අනතුර සිදු කරන්නට යොමුවන්නට ඇති බවත් ඔහු ගැන විස්තර කරන මිතුරිය පවසා තිබෙනවා'






















Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment