විශ්ව ඇයි මෙවැනි දේකට හිත යොමු කළේ?
ඇත්තටම මම මේ ප්‍රවෘත්තිය මුලින් ඇහුවේ රංගන ද සිල්වා අයියාගෙන්.
ඔහු පුවත්පත් සිරස්තල කියවද්දි මම මේ සිදුවීම දැනගත්තා. ඊට පස්සේ
මම අපේ තාත්තා (පද්මසිරි කොඩිකාර) එක්ක මේ සම්බන්ධ කතා කළා. නොදැනුවත්ව වෙලා තිබෙන වැරැද්දට උසාවියෙන් සමාවක් අරන් දෙන්න හිතුවේ ඊට පසුවයි.
‘සින්නතම්බි උතේනි’ කියන මේ මඩකලපුවේ පදිංචි තරුණිය කර තිබෙන්නේ බරපතළ වරදක්.
නමුත් ඇය ද්‍රවිඩ භාෂාව පමණක් දන්නා ඒ වගේම රටේ පුරාවිද්‍යාවට අදාළ නීති රීති නොදන්නා බව දැනුණු නිසා තමයි උසාවිය ඇයට හිමි දඬුවම අවම කරමින් දුන්නේ. එහෙම නැතිනම් රුපියල් ලක්ෂයක මුදලක් සමග ඇය වසර 5 කට හිර ගෙදරට යනවා.
කොහොම හරි ඇය කළේ වරදක් වුණත්, නොදන්නා කමට සිදුවූ ඒ වරද වෙනුවෙන් තවත් නීති සහනයක් ගන්න පුළුවන් දැයි බලන්න තමයි අපි තවදුරටත් මේ ගැන අවධානය යොමු කළේ. එහිදී නිමල් චන්ද්‍රසිරි කියන නීතිඥ මහත්තයා එක්ක මමත් මගේ තාත්තාත් මේ ළමයව බලන්න අනුරාධපුර බන්ධනාගාරයට ගියා. ඒ වගේම සීගිරිය පොලීසියටත් ගිහින් තොරතුරු විමසුවා.
ඒ හමුවේදී තරුණිය මොනවද කිව්වේ ?
ඇයට සිංහල භාෂාව බැහැ. ඒ නිසා පරිවර්තකයකුගේ මාර්ගයෙන් අපි ඇය සමග කතා කළා. ඒ වෙලාවේ තරුණිය කිව්ව නොදන්නාකමට සිදුවූ මේ වරද වෙනුවෙන් සමාවක් අරන් දෙන්න කියලා. ඇය ඒ ඉල්ලීම කළේ වැඳලයි.
ඇත්තටම මේ වෙලාවේ මම හුඟාක් අප්සට් වුණා. මම පැත්තකට වෙලා තාත්තටත් අපේ නීතිඥ මහත්තයටත් ඇය සමග කතා කරන්න කිව්වා.
ඇයි ඔබ එතරම් සංවේදී වුණේ ?
මේ ළමයා ඇඬුවේ නැහැ. ඒත් ඇස්වල කඳුළු තිබුණා. ඇය ඒ කඳුළු අතරින් කිව්වේ ‘අනේ සර් මගේ දුප්පත් අම්මට කන්න දුන්නේ මම. මගේ රස්සාවෙන් හම්බ වෙන පඩියෙන් තමයි ඇයව ජීවත් කරවන්නේ කියලා. මම නැති වුණොත් අම්මා ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇය දුකින් කිව්වා.”
ඒ වගේම තමන් වැඩ කරන ගාමන්ට් එකේ කට්ටිය එක්ක සීගිරිය නරඹන්න ආවත් ඇය එහි නීති රීති කිසිවක් දැනගෙන නොසිටිය බවත් කිව්වා.
දැන් විශ්ව ඊළඟට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?
අපි නැවත එනවිට මේ තරුණියගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත්තා. දැන් ඒ දිවුරුම් ප්‍රකාශය උසාවියට ඉදිරිපත් කරලා සහනයක් ගන්න බලනවා.
ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප පොළක්ම මේ සම්බන්ධව තමන්ගේ අවධානය යොමු කොට තිබෙන බවත් දැන ගන්න ලැබුණා. ඉතිං මේ හැම එකකින්ම
තුළින් ඇයට යම් සහනයක් ලබා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම සතුටක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇයට පොදු සමාවක් ලබා ගන්න හැකි වුණොත් ඇයට ගෙදර ගිහින් තමන්ගේ රෝගී අම්මව බලාගන්න පුළුවන් වේවි.
හැබැයි ඒ වගේම මේ දඬුවම තුළින්, අපේ සමාජයේ ඉන්නා පෞරාණික දේවල් විනාශ කරන අයටත් යම් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ නීති රීති පිළිබඳව තව දුරටත් අපේ රටේ ජනතාව දැනුවත් කළ යුතු වෙනවා.
විශ්ව මේ පිළිබඳව ඔබේ බිරිඳ සමග සාකච්ඡා කළාද?
ඔව් ඇය මුලදී තරමක් බිය වුණා. මොකද අධිකරණය සම්බන්ධව ප්‍රශ්නයක් නිසා. නමුත් අපි අධිකරණයට අපහාස කරන්නේ නැහැනේ. අධිකරණය ලබා දුන් තීන්දුවට අපි ගරු කරනවා. ඇය වරදක් කර තිබෙන නිසයි දඬුවම් ලැබුවේ.
කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ මේ වගේ දේවල්වලට කාලය සොයා ගන්නේ කොහොමද?
මම කොයිතරම් කාර්ය බහුල වුණත් මාසයකට දවස් 4-5 ක් විවේකීව ඉන්න යොදා ගන්නවා. ඒක මගේ සාමාන්‍ය පිළිවෙතක්. එහෙම දවස් කීපයකින් එකක් මේ වගේ වැඩකට යොදා ගත්තට කමක් නැහැනේ. මොකද මිනිස්සු හැටියට යම් තෘප්තියක් ලබන්න මේ වගේ දේවල් ඕන වෙනවනේ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
0 comments:
Post a Comment