ජනාධිපතිවරණය සමයේදී දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ලක්වූ එක් ගෙයක් විය. ඒ ජනපතිවරයාගේ නිල නිවස වන රජ ගෙදර හෙවත් ජනාධිපති මන්දිරයය. රජගෙදර පමණක් නොව අගමැතිවරයාට වෙන්වූ අරලියගහ මන්දිරයත් ඉකුත් කාලයේ ජනපතිවරයාගේ සුඛ විහරණයට වෙන් වී තිබුණේය. රජගෙදර ලක්ෂ
ගණනක් වටිනා මැකෝ ගිරවුද ඇතිදැඩි විය. රජ ගෙදර ගැන වැඩියෙන්ම කතාබහට ලක්වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන වේදිකාවේදීය. තමන් ජනාධිපති බවට පත් වූ විට දිව්‍ය සැප සම්පත් ඇති රජ ගෙදර පය නොතබා රට පාලනය කරන බව ඔහු කීවේය.මෛත්‍රීපාල සිරිසේන පැවැසූ ආකාරයට ඔහු රජගෙදර පදිංචියට ගියේ නැත. දැන් ඔහු රට පාලනය කරන්නේ ඇමැති කාලයේ සිටි කොළඹ 07, විජේරාම මාවතේ, පිහිටි නිල නිවසේ සිටය. ජනාධිපතිවරයාගේ නිල නිවස හෙවත් රජ ගෙදර ඇත්තේ කොළඹ කොටුවේය. එම මහා ප්‍රාසාදය පමණක් නොව රට පුරාම ජනාධිපති මන්දිර දහයක් ජනපතිවරයාගේ සැප පහසුවට වෙන්ව ඇත්තේය. ඒ බොහෝමයක් ජනපති මන්දිර හිටපු ජනපතිවරයාගේ සමයේ රජගෙවල් මෙන් ප්‍රතිසංස්කරණය කෙරුණි. කාගේත් අවධානයට ලක්වන කොටුවේ රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. අද රජගෙදර පිහිටි භූමිය පෘතුගීසි පාලන යුගයේදී දේවස්ථානයකි. ෆ්රැන්සිස්කන් පූජකවරුන්ගේ දේවස්ථානයක් වූ මේ භූමිය ලන්දේසි පාලන කාලය වන විට කාලයේ වැලි තලාවෙන් යටවෙමින් තිබුණේය. දේවස්ථානයක් මෙන්ම සුසානභූමියක්ද ලෙස භාවිත කළ මේ භූමියේ දොන් ජුවන් ධර්මපාල රජුගේ දේහයද මිහිදන් කර තිබුණි. කාටත් සොරෙන් වනගතවෙමින් තිබූ මේ භූමියට යළිත් පණ දුන්නේ ජොවාන් ගැරාර්ක් පන් එන්ගල් බැක් ලන්දේසි ආණ්ඩුකාරවරයාය. ඔහු මෙහි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැදුරක් ඉදිකළේය. එන්ගල් බැක් මිය යනතුරු භාවිත කළ මේ නිවසට කලින් කලට නවාංග එක්විය.
එංගල් බැක් මිය යනතෙක්ම වාසය කළේ මේ භූමියේය. ඔහුගෙන් පසුව මෙය හිමිවූයේ ඔහුගේ මිණිබිරියටයි. ඇයට නිවස හිමිවන විට රට පාලනය කළේ ලන්දේසීන් නොව ඉංග්‍රීසීන්ය. එංගල් බැක්ගේ මිණිබිරියගේ සැමියාට ඉංග්‍රීසි ආණ්ඩුවට පවුම් දස දහයක් ගෙවීමට සිදුවුණි. එය හිලව් කළේ පවුම් අටදහසක වටිනාකමකට මන්දිරය ලංකාවේ මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්‍රික් නෝත්ට පවරාදීමෙනි.
ඕලන්ද ගෘහය “කිංස් හවුස්” හෙවත් රජ ගෙදර නමින් හදුන්වන්නට ගත්තේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සමයේදීය. රජ ගෙදරට ඉංග්‍රීසි පාලන සමයේදී නොයෙක් අංගෝපාංග එක්විය. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ඉක්මවායමින් බ්‍රිතාන්‍ය වාස්තු අංග රජ ගෙදර ආක්‍රමණය කළේය. එහෙත් ඉංග්‍රීසි ආකෘතියන්ට ඕලන්ද මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස්කිරීමට නොහැකි විය.
කෙසේ වෙතත් ඉංග්‍රීසි ආකෘතිය රජගෙදර ආක්‍රමණය කරන්නට ගත්තේ රොබට් බවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කාලයේදීය. කඩා වැටෙමින් තිබූ පෘතුගීසි දේවස්ථානය සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කෙරිණි. රජ ගෙදර වටා අක්කර දහයක උයනක් නිර්මාණය කළේ ඒ කාලයේදීය. ආතර් ගෝඩන් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී රජ ගෙදර උද්‍යානය තවත් අලංකාරවත් විය. එය කොතරම් අලංකාරවත්වීද කියතොත් එය “ගෝඩන් උද්‍යානය” නමින් එය හඳුන්වන්නට ගත්තේය.
ඉංග්‍රීසි පාලන සමයෙන් පසුව රජ ගෙදර උරුමක්කාරයා බවට පත්වූයේ සර් ඔලිවර් ගුණතිලකය. ඔහු අග්‍රආණ්ඩුකාර ධුරයට පත් මුල්ම ශ්‍රී ලාංකිකයාය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ඉල්ලීම පිට බ්‍රිතාන්‍ය රැජින විසින් ඔහු ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන තුරු ඔහුගේ නවාතැන වූයේ රජ ගෙදරය. ජනරජ ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාර ධුරය අහෝසිවීමෙන් පසුව ජනාධිපතිවරයාගේ බුක්තියට රජගෙදර නතුවිය. පළමු නාමික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව එක්දාස් නවසිය හැත්තෑවේ සිට හැත්තෑ හත දක්වා එහි වාසය කළේය.
ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රජ ගෙදර ඔහුගේ නිල අයිතියට හිමිවිය. ඒ වන විට රජ ගෙදර ජරාවාස වෙමින් තිබුණි. එය නවීකරණය කිරීමේ වගකීම පැවරුණේ ලංකාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වූ ජෙෆ්රි බාවාටය. ඔහුගේ සංකල්පයන් අනුව රජ ගෙදරට නව මුහුණුවරක් ලැබුණි. නව මුහුණුවරක් ලැබුණත් ජේ.ආර්. රජ ගෙදර පදිංචියට ගියේ නැත. ඔහුගේ පදිංචිය වූයේ වෝඩ් පෙදෙසේ බ්‍රිමාර් නිවසේය. එහෙත් රාජ්‍ය නායකයන් පිළිගැනීම වැනි නිල කටයුතු සදහා ඔහු කොටුවේ රජ ගෙදර භාවිත කළේය. කොටුවේ රජ ගෙදරට ජනාධිපති මන්දිරය යන නම ලැබුණේ මේ කාලයේදීය. ජේ.ආර්.ගෙන් පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාසද කොටුවේ ජනාධිපති මන්දිරය භාවිත කළේ නිල කටයුතු සදහාය. ඔහු පදිංචිවී හුන්නේ අලුත්කඩේ සුචරිත නිවසේය.
ප්‍රේමදාස ජනාපතිවරයාගේ හදිසි අභාවයෙන් ජනාධිපති ධුරයට පත් ඩී.බි. විජේතුංග ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේය. ඔහු එහි ගත කළේ නිසංසල දිවි පවෛතකි.
ඉන් පසුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මන්දිරය මෙන්ම අරලියගහ මන්දිරයද තමන්ගේ කටයුතු සදහා යොදාගත්තාය. ඇය මුල් කාලයේදී ජනාධිපති මන්දිරය නිල කටයුතු සදහා පමණක් යොදාගත් නමුත් පසුකාලීනව ඇය එහි පදිංචියට ගියාය.
ඇගෙන් පසුව රජ ගෙදර උරුමක්කරුවා බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. ඔහුද ජනාධිපති මන්දිරය මෙන්ම අරලියගහ මන්දිරයත් නිල නිවාස ලෙස භාවිත කළේය. එනමුත් ඔහුගේ වැඩි මනාපය හිමිව තිබුණේ අරලියගහ මන්දිරයටය.
කොළඹ ජනාධිපති මන්දිරයට අමතරව රට්ටුන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරයටය. මහනුවර ජනාධිපති මන්දිරයේ ඉතිහාසයද කොටුවේ රජ ගෙදර ඉතිහාසයට දෙවැනි නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ විශ්වාසදායකම ඇමැතිවරයා පිළිමතලාවේ අදිකාරම්වරයාගේ නිවස අද ජනාධිපති මන්දිරය ලෙස හැඳින්වේ.
ඉංග්‍රීසීන් කන්ද උඩරට ආක්‍රමණය කළ විට පිළිමතලාවේ අදිකාරම්වරයා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතුවිය. එමෙන්ම ඔහුගේ නිවස එකල ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස්ගේ ආධිපත්‍යයට පත්විය. ඔහු තමන්ට අවශ්‍ය ආකාරයට පිළිමතලාවේ අදිකාරම්වරයාගේ වලව්ව නවීකරණය කළේ පවුම් දහතුන්දහසක් වියදම් කරමිනි. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා හමුවීමට පැමිණි ප්‍රභූන්ට භෝජන සංග්‍රහ පැවැත්වූයේ මේ නිවසේදීය. බ්‍රිතාන්‍ය මහ රැජින ලංකාවට පැමිණි අවස්ථා දෙකේදීම මේ මන්දිරයට පැමිණීමට අමතක කර තිබුණේ නැත.
මේ මන්දිරය වික්ටෝරියා රැජිනගේ පාලන කාලයේදී රැජින මන්දිරය ලෙසද ජේ.ආර්.ගේ පාලන සමයේදී ජනාධිපති මන්දිරය ලෙසද හැඳින්විය. විටින් විට නවීකරණය වූ මහනුවර ජනාධිපති මන්දිරයට අලුත් මුහුණුවරක් ලැබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදීය. මහනුවර ප්‍රධාන බංගලාවට හා ලේකම් කාර්යාලයට අමතරව පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිවූයේ පසුගිය කාලයේදීය. පසුව පිහිනුම් තටාකයක්ද ආරක්ෂක
නිලධාරීන් වෙනුවෙන් වෙනම ගොඩනැගිල්ලක්ද ඉදිවිය.
ජනාධිපතිවරු විවේකයෙන් කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නුවරඑළිය ජනාධිපති මන්දිරයේය. නුවරඑළිය ජනාධිපති මන්දිරය ඉදිවන්නේ ඉංග්‍රීසි පාලන සමයේදීය. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ කටයුතු සදහා ඉදිකළ මේ මන්දිරයේ විවේකයෙන් කාලය ගතකිරීමට ඉංග්‍රීසි අග්‍රාණ්ඩුකාරවරු වැඩි කැමැත්තක් දැක්වූහ. ආණ්ඩුකාරවරු පමණක් නොව ඔවුන්ගේ අමුත්තන්ටද නුවරඑළිය මන්දිරයේ දොරටු නිරන්තරයෙන් විවරව තිබුණි. රැජින නිවස ලෙසින් මෙය හැඳින්විණි.
ලංකාවේ මිය ගිය එකම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන සර් ජෝන් ඇන්ඩර්සන් රෝගාතුර වී මිය ගොස් ඇත්තේ නුවරඑළිය රැජින නිවසේය. ලංකාවට නිදහස ලැබිමෙන් පසුව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවස බවට පත්වූ මෙය පසුව ජනාධිපතිවරයාගේ නිල නිවසක් බවට පත්විය.
අනුරාධපුරයේ ජනාධිපති මන්දිරය, වැව් තාවුල්ලක පිහිටි සුන්දර මන්දිරයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ තමන් කිසි දිනෙක අනුරාධපුර ජනාධිපති මන්දිරයේ නවාතැන් නොගන්නා බවය. තමන් අනුරාධපුරයේ ගිය විට එහි යන නමුත් රාත්‍රියේ එහි නවාතැන් නොගන්නා බව ඔහු පවසා තිබුණේය. මහියංගණය ජනාධිපති මන්දිරය ඉදිකළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේදීය. එහි භාරකාරත්වය පැවරී තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියටය. එය 2010 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරාගත්තේ නවීකරණය කිරීමෙන් පසුවය.
පසුගිය කාලයේදී ජනාධිපති මන්දිර ගැන වැඩි අවධානයක් යොමුවූයේ අලුතින් ජනාධිපති මන්දිර ඉදිකිරීම නිසාය. නැතිනම් වෙනත් ආයතන යටතේ පැවති නිල නිවාස ජනාධිපති ලේකම් කාර්යාලයට පවරාගැනීම නිසාය. මන්දිර ගැන මේ අවධානය මුලින්ම යොමුවූයේ මහියංගණය ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරාගත් නිසාය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවැති කතරගම නිකේතනය හා ඇඹිලිපිටිය නිකේතනය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරාගත්තේ 2010 වසරේ මාර්තු මාසයේදී හා අප්‍රේල් මාසයේදීය. කතරගම ජනාධිපති මන්දිරය නවීකරණය කිරීමට මිලියන තිස් පහක් වැය කර තිබුණි.
2014 වසරේදී ජනාධිපතිවරයාගේ විවේකී නිවසක් බවට කෑගල්‍ලේ ඩෝසන් බංගලාවද පත්විය. ඒ දැයට කිරුළ වැඩසටහනට සමගාමීව ඩෝසන් බංගලාව ප්‍රතිංස්කරණය කිරීමෙන් පසුවය. ඩෝසන් බංගලාවේ ඉතිහාසය කොළඹ නුවර පාරේ ඉතිහාස කතාව දක්වාම දිවයන්නේය. ඉංග්‍රීසි ආණ්ඩුව කොළඹ නුවර මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පැවරුවේ රාජකීය යුද හමුදා ඉංජිනේරු බළකායටය. එහි කපිතාන් ෆැන්සිස් ඩෝසන් නම් තරුණ නිලධාරියාගේ කරමත මේ වගකීම පැවරිණි. ඔහු වෙනුවෙන් අඹන්පිටියේදී මේ නිවස ඉදිකළේ 1821දීය. කාලයාගේ ඇවෑයමෙන් ගරාවැටුණු මෙය නවීකරණය කළේ මිලියන 70ක වියදමකිනි.
පසුගිය දිනවල වැඩි අවධානයක් යොමුවූයේ යාපනය ජනාධිපති මන්දිරයටය. කන්කසන්තුරේ අධි ආරක්ෂිත කලාපය තුළ යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භවූයේ 2012 වසරේදීය. එහි ඉදිකිරීම් ඇස්තමේන්තුව කෝටි දෙසීයකි. එහෙත් දැන් කෝටි දෙසීයකින් එහි ඉදිකිරීම් කටයුතු කරගැනීමට නොහැකිය. මේ නිසා එහි ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට තවත් කෝටි පහක මුදලක් වෙන් කිරීමට සිදුවිය.
අක්කර දෙසීයක භූමි භාගයක් පුරා ඉදිවන ජනාධිපති මන්දිරයේ කාමර විසි හතකි. ශරීර සුවතා මධ්‍යස්ථාන දෙකකි. පිහිනුම් තටාක දෙකකි. අධික උණුසුම පාලනය කිරීමට ජලයෙන් ප්‍රදේශය සිසිල් කරන්නේ සීගිරියේ ජල උද්‍යාන සිහි ගන්වමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැසුවේ එය මහජනතාවට ලබාදිය යුතු බවය.
පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩු දුන් ජනාධිපති මන්දිර අතර අම්පාරේ ලාහුගල ඉදිවන ජනාධිපති මන්දිරයද වෙයි. එහි ඉදිකිරීම් සදහා අපේක්ෂිත වියදම මිලියන එක්දහස් අනූ අටකි. කෙසේ නමුදු හිටපු ජනපතිවරයා කීවේ පේදුරුතුඩුවේ හා ලාහුගල ඉදිවන්නේ ජනපති මැදුරු නොව අන්තර් ජාතික මධ්‍යස්ථාන බවය.

සංජය නල්ලපෙරුම
0 comments:
Post a Comment