කාසියේ වාසිය මේ තරගයේ තීරණයේදී විශේෂ කාර්යක් කරයි කියලා මට හිතෙනවා. දත්ත අනුව සිඩ්නි පිටියේ මුලින් පන්දුවට පහරදෙන කණ්ඩායම් 58%ක් පමණ ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒක හොඳ පිටියක් මම මේ පිටියේ එක්දින තරග 8ක් ක්‍රීඩාකර තිබෙනවා.ඒ නිසා කාසියේ වාසිය දිනන්න යි මැතිවුස්ට
මම කියනවා’යි ලෝකයේ හිටපු සුපිරි පන්දු යවන්නා වන මුරලිදරන් පවසයි.ලකුණු 300 සීමාව ඉක්මවා ගියහොත් එය හිතසුවපිණිස වන බව පවසන මුරලි වැඩිදුරටත් කියන්නේ ඒ.බී. ඩිවිලියර්ස් ගැන වැඩිය හිතන්න එපා කියාය.
මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ජගත් ක්රිකට්කුසලානයේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟය ක්‍රීඩකයන් දෙදෙනකු අතර ද්වන්ධ සටනක් නොවන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු පවසයි.“අපි කුමාර් සංගක්කාර ගැන විතරක් අවධානය යොමු කරන්න ගියොත් අපි අනවශ්‍ය පීඩනයකට ලක්වෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් හුඟ දෙනෙක් ඉන්නවා,” ඔහු පැවසීය. “අනික ශ්‍රී ලංකාව ඒබීඩි විලියර්ස් ගැන විතරක් අවධානය යොමු කරන්න ගියොත් ඒක අපිට හොඳ දෙයක්. මොකද අපිට තවත් දක්ෂ ක්රීඩකයන්ඉන්න නිසා. ශ්‍රී ලංකා පිල ඉතා දක්ෂ කණ්ඩායමක් බව පිළිගන්නා පුහුණුකරු රසල් ඩොමින්ගෝ එබැවින් බදාදා තියුණු තරඟයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
0 comments:
Post a Comment