ඇය තිස් හැවිරිදි දෙදරු මවකි. සැමියා කුලී වැඩ කරමින් තම දරු පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය. ඔහු තම බිරිදට කොතරම් ආදරේද කිවහොත්
බිරිඳගේ නමින් ගිණුමක් ආරම්භ කොට හැකි සෑම අවස්ථාවකම කීයක් හෝ ඉතිරි කිරීමටද පියවර ගත්තේය.
බිරිඳගේ නමින් ගිණුමක් ආරම්භ කොට හැකි සෑම අවස්ථාවකම කීයක් හෝ ඉතිරි කිරීමටද පියවර ගත්තේය.
කාලය ගෙවී ගියේය. අහම්බෙන් ඇයට හමුවූ පුද්ගලයෙක් මේ සොඳුරු කැදැල්ල කනපිට හැරෙව්වේය. ඔහු එම ගමේ සිට කිලෝමීටර් විසි පහක් තිහක් තරම් දුරගමනක පදිංචි විවාහකයෙකි.
මෙයට මාස දෙකකට පමණ පෙර ඇය තම කැදැල්ල හැරදා ඔහුගේ කැදැල්ල වෙත ගියාය. ඒ ඔහුගේ යතුරුපැදියේ එල්ලී ගෙනය. දැඩිලෙස කනගාටුවට පත් සැමියා තමාගේ සහ දරු දෙදෙනාගේද මතු ආරක්‍ෂාව පතා ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට අමතක කළේ නැත.
ඇය තමාගේ කණකර බඩු සහ ජංගම දුරකථනය පමණක් ගෙන ගොස් තිබූ අතර ඇයගේ නමට තිබූ ඉඩමේ ඔප්පුව ගෙනගොස් නොතිබීම ඔහුට මහත් සැනසිල්ලක් විය.
අවුරුද්ද පසුවී දින තුන හතරකට පසු ඇය යළිත් ගෙදර ආවාය. ඇයගේ පැමිණීම දරුවන්ට සතුටක් වුවද ඔහුට සතුටක් නොවීය. ඇය නිවසින් යනවිට ගෙනගොස් තිබූ කණකර කිසිවක්ද නොවීය. ඇයගේ පැමිණීම ගැන සැක සිතූ ඔහු ඒ බව නොහැෙඟන
ඇය යළිත් පැමිණියේ හොඳට නොවන බව සිතාගත් ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය. ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය.
යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය වහාම එම යතුරුපැදියට නැගී වේගයෙන් යළිත් පියඹා ගියාය.
ගෑණියේ උඹට මාව රවටන්න බැරිවුණා. උඹ ආවෙ බැංකු පොතයි ඔප්පුවයි ගෙනියන්නනේ දැන් ඉතින් ඔහොම පලයන්. ආයිත්නම් මා රවටන්න උඹට බැහැ කියු ඔහු ඔවුන් ගිය දේ මඳ වේලාවක් බලා සිට ගෙදර ගියේය.
0 comments:
Post a Comment