කාසි ගිලින ලෙඩෙක් ඉන්දියාවේ

27D8D2F000000578-3050240-image-m-15_1429693359267
මානසික පීඩනයක් හේතුවෙන් කාසි හා යකඩ ඇණ ගිල දැමූ පුද්ගලයකුගේ උදරයේ තිබී කාසි 140ක් හා ඇණ 150ක් පිටතට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස කාසි ගිල දමා ඇත්තේ රාජ්පාල් සිං නමැති 34 හැවිරිදි ගොවියෙකි. දැඩි වේදනාවක් ගෙනදෙන උදරාබාදයක් හේතුවෙන් පන්ජාබ් නගරයේ රෝහලකට ඇතුළුකිරිමෙන් පසු කරන ලද එන්ඩස්කොපි පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔහුගේ උදරයේ ලෝහ කැබලි ඇති බවයි.
ඔහු වසර තුනක කාලයක් පුරා ගිල දැමූ කාසි 140ක්, ඇණ මුරිච්චි කැබලි 150ක් සහ බැටරි කිහිපයක් උදරයෙන් එළියට ගෙන ඇත.
උදරයේ තිබූ යකඩ කැබලි හා කාසි ඉවත්කිරිම සිදුකළ පන්ජාබ් රෝහලේ වෛද්‍ය ගගන්දීප් ගොයාල් මහතා පවසන්නේ ඔහුගේ ආහාරමාර්ගයේ කැමරාවක් යවා පරීක්ෂා කළ විට පුදුම සහගත දර්ශනයක් දැකගත හැකිවූ බවයි. එහි ලෝහ රැසක් තිබූ බවත් පසුව ඒවා ඉවත් කිරීමට කටයුතු කළ බවත වෛද්‍යවරයා පවසා ඇත.
‘‘ අපි ලෝහ කොටස් විශාල සංඛ්‍යාවක් ඉවත් කළා. නමුත් තියුණු කොටස් කිහිපයක් සහ කාසි කිහිපයක් තවමත් තිබෙනවා. තව දින කිහිපකින් එම ලෝහ කොටස් ද ඉවත්කිරීමට අපි කටයුතු සූදානම් කැර තිබෙනවා. මානසික ගැටළුවක් නිසා ඔහු කාසි ඇතුළු ලෝහ ගිල දමනවා. ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. “
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment