රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ


දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් පෙම්වතියගේ ගෙට රිංගා පෙම්සුව විඳීමට ගිය ගමන
නොසිතූ මොහොතක පොලිසියට මාට්ටු වී අත්අඩංගුවට පත් වූ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.

මෙම පාසල් පෙම් යුවළ එකම පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටිති. කාලයක් තිස්සේ ආදරයෙන් වෙලී සිටි මෙම දෙදෙනාගේ ආදරය දෝරේ ගලන්නට පටන්ගත් පසුව රාත‍්‍රී කලයේ හමුවීමට යෝජනා කරගන්නේ පෙම්වතියගේ නිවසේදීය.

ඒ මවුපියන් නින්දට ගිය පසුවය. මෙසේ දින ගණනාවක් මෙම හමුවීම දෙදෙනා විසින් සිදු කර ඇති අතර සුපුරුදු පරිදි ජනේලයෙන් ගෙට රිංගන පෙම්වතා ජනේලයෙන්ම ආපසු පලා යන්නේ පෙම්වතියගේ ද උදව් උපකාර ඇතුවය.

ඉකුත්දා (10 දින) රාත‍්‍රියේ ද එසේ පැමිණ ආපසු යන අතරතුරේදී සංචාරක පොලිස් කණ්ඩායමකට පෙම්වතා කොටුවී ඇති අතර සැකකටයුතු හැසිරීම් නිසා ප‍්‍රශ්න කිරීමේදි නොයෙක් පිළිතුරු දී සත්‍ය වසන් කර ඇත. පසුව පොලිසිය හමුවේ සත්‍ය හෙළි කිරීමට ඔහුට සිදු වී ඇත. පොලිසිය විසින් දෙදෙනාගේම මවුපියන් පොලිසියට ගෙන්වා සිද්ධිය පිළිබඳ දැනුම් දි අවවාද කිරීමට කටයුතු කරන බව කියයි. වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment