සනත් තම පෙම්වතිය ගැන මෙසේ කියයි


සනත් මේ කතාව තුළ තිබෙන්නේ ඔබේ කතාවෙන් කොටසක්ද?
(සිනාසෙමින්) බොහෝ අය ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. නමුත් ඒක මගේ ජීවිතයට සම්බන්ධ නැහැ. නමුත් චිත්‍රපටයේ ඇති යම් යම් සිදුවීම් මගේ ජීවිතය හා බද්ධ වී ඇති.
කොහොමද මේ කතා තේමාව ඔබේ හිතේ ඇඳෙන්නේ?
මේ කතාව මට කිව්වේ මගේ මිත්‍ර චමින්ද පෙරේරා. ඔහු ජීවත් වෙන්නේ කැනඩාවේ.
ඇත්තටම මීට බොහෝ කලෙකට පෙර තමයි චමින්ද මේ කතාව මට කිව්වේ. චමින්ද මේ කතාවේ හැටියට රිචඩ්ද එහෙමත් නැත්නම් විමල් කියන්න මම දන්නේ නැහැ. නමුත් මේක ඔහු මට කියු කතාවක්. ඒ කතාවට දෙබස් ලිව්වේ මම.
“ඒ වගේම කියන්න ඕන චමින්ද මේ කතාව මට කියන්නේ් මීට අවුරුදු 12කට විතර කලින්.
නමුත් ‘එකෝමත් එක රටක’ චිත්‍රපටය කළ නිසා ඒ කතාව ඇසුරින් මට චිත්‍රපටයක් කරන්න පමා වුණා. හැබැයි ලංකාවට එන හැම වාරයකදීම චමින්ද මට මේ කතාව මතක් කළා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි සුනිල් ටී. ප්‍රනාන්දු එක්ක එකතුවෙලා මේ චිත්‍රපටය මම කළේ.

ඔබ මොනව කිව්වත් අපට හිතෙනවා අපි දකින සනත් ගුණතිලකගේ කතාවේ යම් යම් සිදුවීම් මෙහි තිබෙනවා කියලා.
මේ චිත්‍රපට කතාව ඇහුවම සුනිල් ටී ප්‍රනාන්දු මගේ කනට කර කිව්වා ඒක එයාගේ කතාව වගේ කියලා. ඊළඟට ඔහුගේ යාළුවො මේ චිත්‍රපටය බලලා කිව්වා මේක ඒ අයගේ කතාව කියලා.
“ඕවා ඔහොම තමයි මේ කතාව බැලුවහම එක එක අයට එහෙම හිතෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඒක මගේ කතාව කියලා. ඒක සාධාරණ නැහැ.
හැබැයි ඒකට මම විරුද්ධ වෙන්නෙත් නැහැ. මොකද මම කිව්ව මේ කතාව ඇතුළේ මා හා සම්බන්ධ යම් යම් සිදුවීම් තිබෙනවා කියලා.
දැන් ඔය වගේ විමල් තමන්ගේ පෙම්වතියට දාන මුද්ද සම්බන්ධ කතාව ඇත්තක්. මොකද මගේ තාත්තා මගේ අම්මට ඔහොම මුද්දක් දීලා තිබුණා. ඒක තාත්තාගේ මරණින් පස්සෙ මට ලැබුණා. චිත්‍රපටයේ මේ වගේ සිදුවීම් තිබෙනවා.

මේ චිත්‍රපටයේ තිබෙන විමල්ගේ චරිතය ඔබද?
ඇයි ඔබ එහෙම අහන්නේ?

චිත්‍රපටයේ එක් තැනක ඔබ ආදරය ගැන විරහව ගැන කතා කරන විදිහ තුළින් ඔබව පෙනෙනවා.
මම විමල්ද කියලා හිතන්න එපා. මට හිතෙනවා මම ‘රිචර්ඩ්’ කියලා.
රිචර්ඩ්ගේ චරිතයට සමාන දේ මගේ මගේ ජීවිතයේ සිදුවී තිබෙනවා.

ඒ කියන්නේ පරිත්‍යාගශීලී වී තිබෙනවා?
ඔව් එහෙම හිතන්න පුළුවන්.

රිචර්ඩ්ට අවසානයේ ‘කුමාරි’ හමුවෙනවා?
ඔබ රිචර්ඩ් නම් ‘කුමාරි’ ඔබේ ළඟ ඉන්න ඕන. කුමාර් ඉන්නවා. ඒක මම කියන්නේ මොකටද? පස්සේ දවසක කුමාරි කවුද කියල හැමෝටම දැනගන්න පුළුවන් වේවි.
(සිනාසෙයි.)

මේ චිත්‍රපටයේ ‘කුමාරිගේ’ චරිතය නිරූපණය කරන සේමිණි ඉද්දමල්ගොඩ අපූරුවට රඟපානවා.
ඔව්. සේමිණි මේ චරිතය හොඳින් ග්‍රහණය කරගත්ත කියලා මට හිතෙනවා.
සමහර දවස්වලට දර්ශන තලයට ආවහම මම සේමිණි එක්ක කතා කරන්නේ නැහැ. ඒ දවසට ඇය අහනවා මොකද සනත් අයියේ අද ඔයා මා එක්ක වැඩි කතාවක් නැත්තේ කියලා. එයා ඉතින් ඒක ගැන වැඩිපුර හිතන බවත් මම දන්නවා.
“කොහොම හරි එදාට තිබෙන්නේ තමන්ගේ විවාහක සැමියා ‘රිචර්ඩ්’ එයාව නොසලකා හරින ජවනිකා. ඇය මම කතා නොකරන්නේ මොකද කියලා සිතමින් රඟපානකොට මුහුණින් මතුව එන්නේ රිචර්ඩ් එයාව නොසලකා හරින ඉරියව්. ඉතින් මේ නිසාම අදාළ ජවනිකා හොඳින් රූපගත වුණා. “මම මේ උපක්‍රම ඉගෙන ගත්තේ තිස්ස අබේසේකරයන්ගෙන්. ඔය විදියට සේමිණිව හැසිරුවා. වගේම ඇයත් තිර පිටපත කියවලා හොඳින් අදාළ දර්ශනයට සූදානම් වී සිටියා.” ඒ වගේම ඇය හොඳ කැපවීමක් ඒ චරිතය වෙනුවෙන් කළා. කුමාරිගේ චරිතය හැටියට ඇය කුකුල් කේන්ති කාරියක්. ඇය ඒ බව හොඳින් වටහා ගත්තා.

ඔබ නිරෝෂා විරාජිනිව මේ චිත්‍රපටයෙ සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නවා.
නිරෝෂා විරාජිනීට යම් දෙයක් බාර ගත්තොත් කැපවීමෙන් ඒ දේ කරනවා. මම ඒක දැකලා තිබෙනවා. ඒ ගති පැවතුම් නිසා තමයි මම නිරෝෂාට මේ චිත්‍රපටය බාර දුන්නේ. ඇය ඒ දේ හොඳින් කළා. ඊට හුඟක් මහන්සි වුණා.

අපි මේ කතා බහ මෙහෙම අවසන් කරමු. ඔබ කිව්වා ඔබගේ චරිතය රිචර්ඩ්ට සමානයි කියලා. රිචර්ඩ්ට බිරිඳක් ඉන්නවා. එහෙම නම් අඩුම තරමේ ඔබට පෙම්වතියක් හරි ඉන්න ඕන?
පෙම්වතියක් ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් මම බෙහෙත් ගන්න ඕන. පෙම්වතිය කවුද කියල මම වෙලාවට කියන්නම් (සිනාසෙයි)
 සමන් ප්‍රියංකර නම්මුනිගේ
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment