සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා


දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි
එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ
සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකි. උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය.

එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා සැඟවුණු අමුත්තා සවස දෙක පමණවත්ම බමන මතින් සිටිනු දක්නට ලැබිණි. උදය වරුවේ වැඩි වේලාවක් උත්සව භූමියේ නොසිටි සැඟවුණු අමුත්තා පසුව වෙරිමතින් සිටීම නිසා සැඟව
සිටීම අමතක විය. මේ අතර සැඟවුණු අමුත්තාගේ හොඳම මිතුරෙක් ඔහුගේ නිවෙසට නෑගම් ආවේය. වසර ගණනකින් නොදුටු මිතුරා නිවසේ නොසිටි බැවින් මිතුරා උත්සව භූමියට පැමිණියේය.

එම ගම් ප‍්‍රදේශය නුහුරු මිතුරා කාර්යාලයට ගොස් මිතුරාගේ නම පවසා ඔහු විමසීය. එහි සිටි ගැහැණු ළමයකු උත්සව භූමියේ කෙළවරක ගසක් මුල ඉඳගෙන සිටි පුද්ගලයා පෙන්වීය. මිතුරා ළඟට ගිය පිටතින් පැමිණි මිතුරා පිටට තට්ටුවක් දමා මේ ඉන්නෙ සැඟවුණු අමුත්තා යැයි විහිළුවක් කළේය. බමන මතින් සිටි සැඟවුණු අමුත්තා සිය මිතුරා අතින් ඇදගෙන කාර්යාලය දෙසට ගොස් මයික් එක අතට ගෙන උදේ පටන් බොහෝ දෙනා සෙවූ සැඟවුණු අමුත්තා තමන් බවත් එම තරඟයේ ජයග‍්‍රාහකයා විජේසිරි මහතා බවත් පැවැසීය.

අවුරුදු උත්සවයේ තරඟ ලියාපදිංචි කිරීමේ නිලධාරිනිය වහා ප‍්‍රධාන සංවිධායකවරයා වෙත ගොස් සැඟවුණු අමුත්තා තරගයෙන් දිනා ඇත්තේ ලියාපදිංචි නොවූ අයකු බව පැවැසුවාය. ඔහු වරක් සැඟවුණු අමුත්තා තරගයේ තරඟ කරුවන්ගේ ලේඛනය පිරික්සීය. සැඟවුණු අමුත්තා ලෙස නම් කර තිබුණු පුද්ගලයා සමඟ කතා කළ ප‍්‍රධාන සංවිධායකවරයා සැඟවුණු අමුත්තා තරගය අවලංගු කර තරග කරුවන්ගේ මුදල් ආපසු ගෙවීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment