එඩ්වඩ් මයිකල් බෙයාර් ග්‍රිල් එහෙමත් නැත්නම් Edward Michael "Bear" Grylls.මේ නම කිව්ව ගමන් මතකයට එන්නේ ඩිස්කවරි චැනල් එක විතරක් නෙවෙයි, මෑන් වර්සස් වයිල්ඩ් වැඩසටහන් පෙළ. මිහිපිට
වසන කිසිම මිනිසෙකු කරන්නට නොසිතන, කන්නට නොසිතන, කිසිම ලෙසකින් හිතන්නටවත් අකැමැති බොහෝ දේ ගැන බෙයාර්ට නම් කිසිම ප්‍රශ්නයක් නැති තරම්. කකුළේ පැළැඳ සිටින මේස් ජෝඩුවෙන් එකක් අරගෙන වතුර ටිකක් පෙරා ගන්න එක, සපත්තුවට වතුර පුරවාගෙන බොන්න ගන්න එක, මුහුදු සිංහයකුගේ හමක් ඇඳගෙන වතුරට බැහැලා පීනගෙන යන එක, හිම මිදෙන සීතලේ හෙළුවෙන් හිම කුට්ටි අතරින් පීනා යාම, මළ ඔටුවකුගේ අතුණුබහන් ඉවත් කර කුස තුළට වැදී රැය ගත කිරීම, මීයන්, ගෙම්බන්, හූනන්, ගෝනුස්සන්, විෂඝෝර සර්පයන්ගෙන් කුස පුරවා ගැනීම, රෑ කෑමකට වේයන් හෝ කූඹින්, එහෙමත් නැත්නම් කඳපණුවන් හෝ මාළුවකු අමුවෙන්ම ගැනීම ඔහුට නම් එතරම් දෙයක් නෙවෙයි.එඩ්වඩ් මයිකල් ග්‍රිල් ඉපදෙන්නේ 1974 ජූනි 07 වැනිදා. ඒ උතුරු අයර්ලන්තයේ කවුන්ටි ඩවුන් පළාතේ. මෙයා ඉපදිලා හරියටම සතියකට පස්සේ තමයි මෙයාගෙ නමට බෙයාර් කෑල්ල එකතු වෙන්නේ. ඒ එයාගේ වැඩිමහල් අක්කා මෙයාට ආදරේට කියපු නම. හැබැයි අද මුළු ලෝකයම ඔහු දන්නෙත් බෙයාර් ග්‍රිල් කිව්වාම තමයි. එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් වුණු ශ්‍රීමත් මයිකල් ග්‍රිල්ස් තමයි බෙයාර්ගෙ පියා. අම්මා සාරා ග්‍රිල් ආර්යාව.
බෙයාර්ට මේ අරුම වැඩ කරන උණ හැදිලා තියෙන්නේ පාසල් කාලයේ ඉඳලම තමයි. ඔහු ඊටන් කොලීජියේ ඉගෙන ගන්න කාලේ ඔහුගේ මූලිකත්වයෙන් තමයි කොලීජියේ පළමු කඳු නැගීමේ සංගමය හදන්නේ. ඔහු ලන්ඩන් සරසවියෙන් උපාධිය හදාරණ අතරතුරම හිස්පැනික් භාෂාව සම්බන්ධයෙනුත් උපාධියක් හදාරනවා. ඉංගිරිසි, ස්පාඤ්්ඤ සහ ප්‍රංශ භාෂාවන් චතුරව හසුරුවන බෙයාර් කඳු නගින්න වගේම රුවල් ඔරු පදින්න ඉගෙන ගන්නෙත් ඔහුගේ පියාගෙන්. ඒ පුංචි කාලේ ඉඳලම. අවුරුදු 8 වෙද්දී බාලදක්ෂයෙක් වෙනවා. ගැටවර වියට එළැඹෙද්දී ෂොටෝකාන් කරාතේ ක්‍රීඩාවේ දෙවැනි ශ්‍රේණියේ කළු පටි ධාරියෙක්ද වෙනවා. අද වෙද්දී බෙයාර් කියන්නේ දරුවන් තුන් දෙනකුගේ පියෙක්. හැබැයි ඒ වගේම බෙයාර් හමුදා නිලධාරියෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. ඔහු ඉන්දියානු හමුදාවට සම්බන්ධ වෙලා හිමාලය අඩවියේ කටයුතු කරනවා. 1997 වනතුරු දේශීය හමුදාවේ සේවය කරනවා. ඒ විශේෂ බළකායේ සහ විශේෂ ගුවන් සේවාවේ. ඒ අතරතුර පැරෂුට් පිම්මක් පනින්න ගිහින් බෙයාර් තුන් පොළකින් කොන්ද කඩා ගන්නවා. එතනින්ම ඔහුගේ ජීවිතය ඇඳකට සීමා වෙලා අවසානයේ අංශභාග රෝගියෙක් වෙයි කියලයි හැමදෙනාම හිතුවේ. ඒත් බෙයාර්ට ඕනෑම දුෂ්කරතාවක් ජයගන්න උපතින්ම අරුම හැකියාවක් ලැබිලා තියෙන නිසාද කොහේද තුන් පලකින් කොන්ද කැඩුණත් මාස දොළහකට පස්සේ නැගිටිනවා. ඒ පුංචි කාලේ ඉඳලා දැකපු හීනයක් සැබෑ කරගන්න. ඒ අනුව එවරස්ට් තරණය කළ ළාබාලම බ්‍රිතාන්‍ය ජාතිකයා වීමේ භාග්‍ය බෙයාර් හිමි කර ගන්නවා. ඒ ඔහුට අවුරුදු 23ක් සම්පූර්ණ වෙද්දී. ඒත් එක්කම ඔහු අත්ලාන්තික් සාගරය තරණය කරනවා. ඒ වාර්තාවකුත් එක්ක. ඒ හරහා ඔහුට රාජකීය නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ගෞරව නාමය හිමිවෙනවා.
බෙයාර්ගේ මේ අභියෝග හමුවේ නොනැසී ජීවත්වෙන සටනට මුල් පියවර වැටෙන්නේ ඔහු වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියාට පස්සේ.
පළමු වරට මේ වැඩසටහන විකාශය වෙන්නේ බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාවේ. ඒ ජ්ඵජචනඥ බධ බඩඥ ඹ්ඥඨඪධද යන නමින්. මේ වැඩසටහනට ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. උතුරු අප්‍රිකාව පාදක කරගනිමින් විකාශය වුණු මේ වැඩසටහන ලොව පුරා පැතිර යන්නේ නොසිතූ ආකාරයට. ඒ නිසාම තමයි අවසානයේ මේ වැඩසටහන ඩිස්කවරි නාළිකාවටම යන්නේ. මේ වෙද්දී වැඩසටහන ලෝකයේ රටවල් 200ක වාසය කරන බිලියන 1.2ක ජනතාවක් නරඹනවා.
පළමු වරට මේ වැඩසටහන විකාශය වෙන්නේ බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාවේ. ඒ ජ්ඵජචනඥ බධ බඩඥ ඹ්ඥඨඪධද යන නමින්. මේ වැඩසටහනට ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. උතුරු අප්‍රිකාව පාදක කරගනිමින් විකාශය වුණු මේ වැඩසටහන ලොව පුරා පැතිර යන්නේ නොසිතූ ආකාරයට. ඒ නිසාම තමයි අවසානයේ මේ වැඩසටහන ඩිස්කවරි නාළිකාවටම යන්නේ. මේ වෙද්දී වැඩසටහන ලෝකයේ රටවල් 200ක වාසය කරන බිලියන 1.2ක ජනතාවක් නරඹනවා.
ඇමෙරිකාවේ අංක එකේ කේබල් රූපවාහිනී වැඩසටහන බවටත් ලොව පුරා වැඩිම පිරිසක් නරඹන වැඩසටහන බවටත් මෙය පත්වෙලා අවසන්.
ඒත් බෙයාර් මේ හැම දෙයක්ම කරන්නේ පුංචි පිහියක්, සැටලයිට් දුරකථනයක්, අනතුරු ඇඟවීමේ නළාවක් විතරක් තියෙන බෑගයක් පිටේ තියාගෙන. මිනිස් පුළුටක් ඇසක නොගැටෙන මහා වනාන්තර, කාන්තාර, ගිරි දුර්ඝ, ජල දුර්ඝ, හිම මිදුණු උත්තරාර්ධගෝලය ආදී මිනිසෙකුට කෙසේවත් ජීවත් විය නොහැකි ප්‍රදේශයන්හි පවා පුංචි පිහියක් ඇතැතිව විෂඝෝර සර්පයන්, වන මෘගයන් අතරට වැදී අතට හසුවන කෑමට ගත හැකි ඕනෑම දෙයක් බුදිමින් තමයි ඔහු මේ ගමන යන්නේ. දඩයම් කරගන්න සත්තු විතරක් නෙවෙයි, සමහර වෙලාවට මැරී කුණු වී යන සතුන්ගේ මාංශ කොටස් පවා ඔහු ආහාරයට ගන්නවා. මෙය මනුස්සයෙක්ට හිතා ගන්නට වත් නොහැකි තරම්.
මේ වැඩසටහන්වලදී අනතුරු නිසා බෙයාර්ගේ ජීවිතය මරණීය මොහොත දුටු නොදුටු අවස්ථා බොහොමයි. ඒ හැම වෙලාවකදීම ඔහු තනිවම රැකෙන්න පුළුවන් උපරිම කාලය ඉන්නවා. බැරිම මොහොතක් ආවෙත් විතරයි අනතුරු ඇඟවීමේ නළාව උපයෝගයෙන් උදව් ඉල්ලන්නේ. වරක් ඔහු පැපුවා නිව්ගිනියාවේ දී නොනැසී සිටීමේ කලාව පෙන්වන්නට යන්නේ අතේ කුඩා පොළු කෑල්ලක් විතරක් තියාගෙන. එහිදී අඩි සියයක මරණිය ප්‍රපාතයකට ඇදගෙන වැටුණත් ඔහු ජීවත් වෙන්න වාසනාවන්ත වෙනවා. තවත් වෙලාවක ඔහුට උණපතුරුවලින් දියමත ලිස්සන පුවරුවක් හදාගෙන සයුර තරණය කරන්න වෙනවා. ඒත් එහිදී ඔහුගේ ජීවිතය බේරෙන්නේ අනූනවයෙන්. බැරි වෙලාවත් එදා ඔහුට අනතුරු ඇඟවීමේ නළාව හඬවන්නට අවස්ථාවක් නොලැබුණා නම් ඔහු අද ඉතිහාසයට එකතු වුණ චරිතයක් විතරයි. තවත් වරක බෙයාර් වර්ග කිලෝමීටර් 91000ක උතුරු ඕස්ට්‍රේලියානු භූමික නොමැරී ජීවත් වෙන්න ගියේ අවුරුදු 50000ක් තිස්සේ ඒ ප්‍රදේශයේ සිටින ස්වදේශීය දඩයක්කාර ජනතාව අතරින් නොනැසී ජීවත් වෙන්න. අංශක සියයක උෂ්ණත්ව වෙනසක් දරාගෙන මිනීමරු කිඹුලන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අතරින් ඔහු මේ ගමන ගියෙත් සුපුරුදු කුඩා පිහිය පමණක් අතැතිවයි. ඒ වගේම අඩි 30000ක උසක සිට මෝජාවා කාන්තාරයට ගුවන් කරණමක් ගැසූ ඔහු උෂ්ණත්වය අංශක එකසිය දහයට පත්වෙද්දීත් නොනැසී දිවි රැක ගත්තේ මාරාන්තික විෂ සහිත විෂඝෝර ඇමෙරිකානු නාගයකුගේ ප්‍රහාරයට පවා ලක්වෙමින්.
කොහොම වුණත් මේ අරුමැසි ක්‍රියාවන් නිසා අද වන විට ලෝක බාලදක්ෂ සංවිධානය විසින් බෙයාර් ලොව බාලදක්ෂ ප්‍රධානියා බවට පත්කර තිබෙනවා. ඒ 2018 වර්ෂය වන තුරු. ඒ වගේම ඔහු මේ වන විට ග්ලෝබල් ඒන්ජල් සංවිධානයේ සන්නාම තානාපතිවරයා වශයෙනුත් පත් කර තිබෙනවා. මේ හරහා ඔහු අප්‍රිකාව පුරා සිටින දුක්විඳින දරුවන් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරකත් නිරත වෙනවා.
ගත් කතුවරයෙක්, වගේම රූපවාහිනී නිවේදකයෙක් ලෙසත් ඔහුට තියෙන්නේ ඉහළ පිළිගැනීමක්.
මධුරංග සී. නුවන්ප්රිය
0 comments:
Post a Comment