කලක් තිස්සේ ඉදන් සිංගප්පූරුවේ පදිංචිව සිටි එහි ව්‍යාපාර පවත්වාගෙන යන මිතුරෙක් හදිසියේම මෙරට පැමිණ තිබුණේය. මෙහේ කරන්න වැඩ ටිකක් තිබුණා ඒකයි හදිසියේම ආවේ.
මා මුණුගැසෙන්නට ආ ඔහු එසේ කියා සිටියේය. කොහෙද
නතරවෙලා ඉන්නේ කියා මම ඇසුවෙමි. නතර වී සිටින තැන වෙනුවට ඔහු ටෙලි නිළියකගේ නමක් කීවේය. ඔය නම නම් අහලා තියෙනවා, ඒත් ටෙලි නාට්‍ය නම් බලන්නේ නැහැ. අදාළ නම ඇති නිළියගේ රූප, නම, විස්තර පුවත්පත්වලින් දැක ඇතත් ඇයගේ ටෙලි නාට්‍ය නරඹා නොමැති නිසාත්, නිළියක් බව කියනා ඇය පෞද්ගලිකව නොහදුනන නිසාත් මම එලෙස කියා සිටියෙමි.
මං මේ දවස් දෙක තුනට ඉන්නේ එයත් එක්ක කටු අත්තක පැටලුණා වගේ තමයි. ආව කියලා දැනගත්තහම ඉන්න හෝටලේට නිකම්ම කඩාපාත් වුණා. ගැලවිල්ලක් නැහැ. එයා සිංගප්පූරුවට ආවත් මට දඩ. මං මෙහෙට ආවත් එයාගෙන් දඩ. මගේ වැඩ පැත්තක තියලා එයාගේ වැඩ කරන්නයි වෙලා තියෙන්නේ.
ඔහු එක හුස්මට කියාගෙන ගියේය. සෙල්ලක්කාරකම නිසාම ඔහු සිය බිරියගෙන්ද දරු දෙදෙනාගෙන්ද වෙන්ව හිතුමතේ නිදහස් ජීවිතයක් ගතකරන්නෙකි. ඔහු එකී නිළිය විවාහ කරගනීදැයි මම නොදනිමි. එහෙත් ඔහු දැනටද ඇයට අත දිගහැර වියදම් කරනා බව පමණක් මම දනිමි. ඒ ඇය සිංගප්පුරුවේදී හා මෙරටදී ඔහුගේ අවශයතා සපුරන බැවිනි. ඇය කටු අත්තක් ලෙසට ඔහු හැදින්වූවද ඔහුට ඇයගෙන් වෙන්වන්නට වුවමනාවක්ද නැත.
එහෙත් හාස්‍යයට කාරණය නම් මේ කියන ටෙලි නිළියද අන් බොහෝ සමහර ටෙලි නිළියන් සේම මාධ්‍යයට පුන පුනා කියනා තම පෞද්ගලික කරුණු කාරණාය, පසුගියදා පවුත්පතකට ඇය මෙසේ අදහස් දක්වා තිබුණා.
ලොකුම දේ එයා මගේ අතීත ජීවිතය හොඳින්ම දැනගෙන ඊට පස්සේ මට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. මම ෂූටිං යන්නෙත් අම්මත් එක්ක. මම නම් තනියම ගෙදරින් එළියට බහින්නෙත් නැහැ. ළගදීම වෙඩින් එක ගන්නවා. එතකොට එයා කවුද කියලා ඔයගොල්ලන්ටත් බලාගන්න පුළුවනි. මට ගැළපෙන කෙනා ලංකාවේ නැහැ. මම නම් බදින්නේ පිටරට ඉන්න කොල්ලෙක් යනුවෙන්
නිළියන් බව කියනා සමහරුන්ගේ මෙවැනි අන්දමේ සමහර කියුම් ඔබත් අනන්තවත් පුවත්පත් මගින් කියවා හෝ මාධ්‍ය මගින් අසා ඇතිවාට සැක නැත. එහෙත් එලෙස ඇත්තම කියනා නිළියන්ද නැතුවාමත් නොවේ. වරදවා වටහා නොගන්න මා කියන්නට උත්සාහ කළේ කොළේ වසා සුදනන්, තොත්ත බබුන්ගේ පාට් දමන්නියන් ගැනය.
පෙර කියනා ලද නිළිය මාගේ මිතුරා සමග කොළඹ තරු හෝටලයක දින තුනක් ගත කළ බම මම දිනිමි. ඒ මාගේ මිතුරා බලන්නට ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට වරක් ගිය විට ඔහු සමග ඇයද එහි සිටි බැවිනි. ඔහු එහිදී ඇයව පෙම්වතිය ලෙසට මා හටද හදුන්වාදුන් හෙයිනි.
ඉතින් ඒක ඒ දෙන්නගේ කැමැත්තනේ. ඒ දෙන්නා කසාද බදීවි. එකෙන් අපිට මොකද? ඔබ සමහර විට දැන් එලෙස සිතන්නට හෝ කියන්නට පුළුවන.
ප්රශ්නය ඇත්තේ එතැන නොවේ. මේ නිළියක් බව කියන්නිය පසුගිය කාලය ඇතුළත සමහර අමුතු දේශපාළුවන්ගේ හා දළකාරයන්ගේ රහස් තැන්වලටද හොරෙන් හොරෙන් රිංගූ බවට කනින් කොනින් ආරංචි ලැබී තිබීමය. එකී ආරංචි හුදෙක් මඩ ගැසීමට ප්රතිවිරුද්ධවාදීන් එල්ල කරන එවා විය නොහැක. ඒ ගැන කන වැකී ඉව වැටී ඇති මාගේ විදෙස් මිතුරා කෝකටත් කියා දැන් ඉක්මන් ලේ පරික්ෂාවට සැරසේ ඒ අර මුළු ලෝකයටම මරණ භීතියෙන් සලත කර ඇති මහා ලෙඩට බියෙනි.
කතාව ඇත්ත නම් මේ නිළියත් එදාවේල ජීවත්වන්නට ඇග විකුණන මුළු සමාජයම අවඥාවෙන් කතාබහට කරන වීදි ගණිකාවකුත් අතර වෙනසක් නොමැත. එකම වෙනස නිළිය බව කියන්නීය, සිය රූපය, ප්‍රසිද්ධිය හරහා දළකාරයන්, දේශපාළුවන් සමග සුවපහසුව නිදි වදිද්දි වීදියේ අසරණිය ඇයටම ගැළපෙන ඇයගේම පැලැන්තියේ කෙනෙකු සමග වීදි කොනක මුඩුක්කුවක තනිවීම පමණය.
0 comments:
Post a Comment