නදීකාගේ විසි තුන්වෙනි උපන්දිනයත් ළංවී තිබුණි. තරංග තම ඇඳ මතට වී දස අතේ කල්පනා කළේ මෙවර ඇයට දියයුතු උපන්දින තෑග්ග පිළිබඳවය.
නදීකාගේත් තරංගගේත් පේ‍්‍රම සම්බන්ධතාව ආරම්භ වී දෙවන සංවත්සරයත් නදීකාගේ උපන්දිනයත් යෙදී තිබුණේ එකම දවසේමය.
තරංග හිටි හැටියේම ලකලැහැස්ති වී යතුරුපැදිය පණ ගන්වාගෙන ටවුම වෙත ගියේ අජානිය අශ්වයකුගේ පිට නැඟුනාක් මෙනි. අනතුරුව සුපිරි වෙළඳ සංකීර්ණයේ යතුරුපැදිය නවත්වා එයට ගොඩවිය.
කඩපිල් පේළියේ එක් කඩයකට ඇතුළු වූ ඔහුට හාත්පස තෑගි භාණ්ඩවලින් පුරවා තිබෙනු දැකිය හැකි වූයේ එවිටය. එහිදී උපන්දින පත් එකතුව දෙසට ඔහුගේ නෙත් යොමුවිණි. හදවත් දෙකකින් සහ මල් පොකුරකින් සැරසුණු අපූරු උපන්දින සුබපැතුම් පතක් ඔහු අතට ගත්තේය. ඒ කාඞ්පතද තවත් තෑගිභෝග කිහිපයක්ද මිලට ගත් ඔහු නැවත නිවසට ඒම සඳහා පිටත් විය.
නිවසට එනවිට තරමක් රෑ බෝ වී තිබිණි. ඉස්තෝප්පුවේ යතුරුපැදිය නවත්වා එහි තිබූ පාර්සල් දෙකද රැුගෙන ඔහු ගෙතුළට ගොඩ වැදුණි.
ඉස්තෝප්පුවේ වාඩිවී සිටි පියා ඔහු දෙස බලා සිටියේ තරමක කෝපයෙනි. ඒ ඔහු කාටත් නොකියාම නිවසින් බැහැරව ගිය නිසාය. යතුරුපැදිය නැවැත්වූ හඬ කණ වැකුණු ඔහුගේ මවද සාලය වෙත පැමිණියාය.
‘‘මෙන්න අම්මේ එළවළු’’ තරංග අතෙහි වූ පාර්සල් දෙකෙන් එකක් තම මව අත තැබීය. ඉන් අනතුරුව කාමරය වෙතට ගිය ඔහු ජංගම දුරකථනය අතට ගෙන ‘‘හෙට උදෙන්ම ටවුමට එන්න’’යි සටහන් කොට නදීකාගේ දුරකථනය වෙත කෙටි පණිවුඩයක් යැවීය.
රාත්‍රී ආහාරය ගත් තරංග එදින නින්දට ගියේ පසුදා උදෑසන වනතෙක් නොඉවසිල්ලෙනි. පසුදා උදාවීමත් සමග තරංගගේ සිතට දැනුණේ කියා නිම කළ නොහැකි තරමේ සතුටකි. තමා පණමෙන් ආදරය කරන පෙම්වතිය නදීකාගේ රුව දැකීමේ බලවත් කැමැත්ත ඔහුගේ සිතේ තෙරපෙන්නට විය. කාමරයේ වූ ඔර්ලෝසුව දෙසට නෙත් යොමු කළ ඔහු ඉක්මණින් ඇඳෙන් නැගිට ලක ලැහැස්ති වී නදීකා හමුවීමට යාම සඳහා පිටත් වූයේ මේසය මත තිබූ තෑගි පාර්සලයද අතට ගනිමිනි.
ඔහු යනවිටත් නදීකා පැමිණ සිටියාය. ලා නිල් පැහැති ගවුමකින් සැරසී සිටි ඇය වෙනදාටත් වඩා හැඩවී ඇතැයි ඔහුට සිතුණි. ඇගේ මුහුණේ ලස්සන තව තවත් වැඩිවූයේ මුවපුරා නැඟුණු සිහින් සිනහව නිසාය.
‘‘ඔයා දැන්ද ආවේ?’’
තරංග පැවසුවේ ඇයගේ දෑතින් අල්ලාගෙනය.
හ්ම්.. එච්චර වෙලා නෑ. දැන් විනාඩි පහක් විතර ඇති...
ඔයාට සුබම සුබ උපන්දිනයක්... තරංග නදීකාට සුබ පතමින් ඇයගේ දෙකොපුල් සිපගත්තේ දැඩි ආදරයකිනි.
‘‘මේ පුංචි තෑග්ග ඔයාට මගෙ ගාණේ....’’ තරංග ඔහුගේ අත තිබූ පාර්සලය නදීකා අත තැබුවේය.
‘‘ඔයාට පිස්සුද? මට මොකටද තෑගි? මට ඕන හැමදාම ඔයාගෙ ආදරේ විතරයි.’’
‘‘එහෙම කියලා බෑනේ.. මම ඔයාගේ අනාගත ස්වාමි පුරුෂයනෙ, මම නැතිව කව්ද ඔයාට තෑගි දෙන්නෙ.’’
නදීකා ඊට කිසිවක් නොකියාම තරංගගේ මුහුණ දෙස බැලූවේ ආදරණීය බැල්මකිනි.
‘‘ඔයා වැඩට යන්නෙ කවදද?’’
‘‘හෙටින් නිවාඩු ඉවරයි. සතියයි නිවාඩු තියෙන්නෙ.’’ තරංග එසේ පවසන විට නදීකාගේ මුහුණ ඝන මේඝයක් මෙන් අඳුරු විණි. තරංග මෙරට විශේෂ පොලිස් සේවයේ රාජකාරියේ නිතර වූවෙකි. එබැවින් ඔහුට නිතර නිවාඩු ලබා ගැනීමේ අපහසුතාව පැවතිණි.
නදීකාගේ සහ තරංගගේ පෙම් පලහිලව්වට විවිධ බාධා ඇති වුවත් ඔවුන් එය බාධාවක් කරගත්තේ නැත.
තරංගගේ නිවසේ අයද ඒ සඳහා දැක්වූයේ දැඩි විරෝධයකි. ඔවුන් කොතරම් තරංගට බැණ වැදුණද ඔහු එය තඹ දොයිතුවකට මායිම් කළේ නැත. තරංග නදීකාව මඟහැරියේද නැත. ඒ තරමට ඔවුහු පෙම්දැළින් බැඳී සිටියහ.
ඔහුට අන් ළඳකට පෙම් කළ නොහැකිය. නදීකාව අත්හැර දැමීමටද හැකියාවක් නැත. තරංග මට්ටු කිරීමට අපහසු බව ඔහුගේ පියා හොඳින්ම දැනගෙන සිටියේ ඔහු ටිකක් නහටඅහන්නැති කෙනෙකු නිසාය.
අවසානයේ ඔහුගේ විවාහයට පියාගේ ආශිර්වාදය ලබාගැනීමටද හැකිවිය.
දහසක් කම්කටොලූ බාධක මැඩගෙන ඔවුන්ගේ ආදර කතාව විවාහයෙන්ම අවසන් වූයේ ඔවුන්ගේ බලාපොරොත්තු, සිහින මල්පල ගන්වමිනි.
විවාහයෙන් පසුව නදීකාත්, තරංගත් ඉතා සතුටින් කල්ගත කළහ. තරංග රාජකාරි වැඩත්, නිවසේ වැඩත් නොපිරිහෙළා ඉටු කළේය. එලෙසට වසර තුනක් පමණ ගතවිය. නදීකාගේ සිතේ දරු සුරතල් බැලීමේ ආසාව උපන්නේ මේ කාලයේදීය. නදීකා පමණක් නොව තරංගද දරු සුරතල් බැලීමේ නොතිත් ආශාවෙන් පසුවිය.
එහෙත් කාලය ඊට ඉඩ නොදුන්නේය. ඔවුන්ට දරු සම්පත් තිබුණේ නැත. ඒ සඳහා කොයිතරම් මිල මුදල් වියදම් කළද පලක් වූයේ නැත.
‘‘ඔයා කලබල වෙන්න එපා. අපි හොඳ ඩොක්ටර් කෙනෙක් ළඟට යමු.’’
දැන් ඉතින් අපි කොයිතරම් නම් ඩොක්ටර්ස්ලා ළඟට ගියාද? ඒත් වැඩක් වුණේ නෑනේ? එසේ පැවසූ නදීකාගේ දෙනෙතෙහි කඳුළු බිඳු පිරී තිබිණි. පසුදින නදීකාත් තරංගත් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බලාපොරොත්තු රාශියක් හිතේ හිරකරගෙනය. තරංග සියලූ තොරතුරු වෛද්‍යවරයාට පැවසුවේ සිතේ හටගත් වේදනාවත් සමඟිනි.
මොකද්ද ඩොක්ටර් අපිට වෙලා තියෙන්නෙ? නදීකා වෛද්‍යවරයාගෙන් විමසා සිටියෙන් කුතුහලයෙන් යුතුවය.
හරියටම කියන්න බෑ.. අපි පරීක්ෂණ කරලා බලමු. වෛද්‍යවරයා එසේ පවසා සිටියේ ඔවුන්ට යම් හෝ සැනසීමක් ගෙන දෙමින්ය.
ඉන් සතියකට පසු නදීකා සමග තරංග රෝහල වෙත ගියේ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සඳහාය. නදීකාට දාව තරංගට දරුවෙකු හැදීමට නොහැකිවීමට තරම් බලපා ඇති රෝගී තත්ත්වයක් පසුව පිළිකාවක් දක්වා වර්ධනය වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් හෙළිවිය.
ඒ සඳහා සති දෙකෙන් දෙකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා තරංගගේ ජීවිතයද ඉතා අවදානම් සහගත තත්ත්වයක තිබිණි. ජීවිතේ කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නොකළ තරංගගේ මෙම අසනීපය පිළිබඳ ඔහු සිත යටින් හඬා වැටෙන්නට වූයේ කිසිවක් කරකියාගත නොහැකිවය.
ඔවුන්ට දරු සම්පත් නොමැති බව දැනගත් දා පටන් නදීකාද පසුවූයේ ගිනිගත් හදවතකිනි. තරංග සමග විවාහ වූ දිනය ඇයට මතක්විය. ඔහු සමග හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට තිබූ සිහිනය ටිකින් ටික බොඳව යන්නට වූයේ ඇයටත් නොදැනිමය.
තරංගගේ දැඩි රෝගී තත්ත්වය නිසා ඔහුට සේවා ස්ථානයෙන් නිවාඩු ලැබී තිබිණි. ජීවිතය අස්ථාවර මට්ටමක පැවතියත් තරංගට ප්‍රතිකාර කිරීම නතර නොවීය. ඔහුට නදීකා නිතර සාත්තු සප්පායම් කළාය.
තරංගගේ සෑම කටයුත්තකදීම ළඟින් හිඳ ලෙඩ දුක් සොයාබලා උදව් උපකාර කළේ ඔහුගේ හොඳම යහළුවා වූ උදාරය.
තනිකඩයකු වූ ඔහු තරංගගේ සිත සැමවිටම සනසවන්න උත්සාහ කළේ අවංක හැඟීමකිනි. ඔහු ඇතැම් දිනක තරංගලාගේ නිවසට පැමිණ නදීකාටද උදව් උපකාර කළේය. කෙසඟ සිරුරකට හිමිකම් කී ඔහු සැබවින්ම ප්‍රියමනාප පුද්ගලයෙකි. මුහුණේ වවා ඇති උඩු රැවුල ඔහුට ගෙන දුන්නේ කඩවසම් බවකි.
ඕනෑම වැඩපළක් කිරීමට උදාරට උපතින්ම හැකියාව ඇති බව නදීකා වටහාගත්තේ ඔහු වැඩ කරන විලාසය දෙස බලා සිටීමෙනි. ඔවුන් අතර මුලදී ඇතිවූයේ හිතවත්කමකි. පසුව මිතුරුකමකි. ඉන්පසුව තහනම් පෙමක් දක්වා එය වර්ධනය විය.
තමා කරන්නේ ලොකු වැරැුද්දක් බව උදාරට හොඳින්ම වැටහිණි. එහෙත් පැටළුණු පෙම්දැලින් මිදීමට ඔවුන්ට ලොකු ඕනෑකමක් තිබූ නමුත් ඒ සඳහා උත්සාහ කළද තව තවත් එහිම පැටලෙන්නට විය. අවසානයේ උදාර තම මිතුරාට පසමිතුරෙක්ම වූවේය. සුන්දර තරුණියක වූ නදීකාට සැමියාගෙන් නොලැබෙන දේවල් උදාරගෙන් නොඅඩුව ලැබිණි. තරංගගේ අසනීප තත්ත්වය නිසා නදීකාගේ හිතේ තිබුණු පීඩනය මඟහැරෙන්නට වූයේ උදාරගේ සමීප වීමය.
රූමත් බවත් තරුණකම නිසාත් උදාරට නදීකාගේ ඇසුර වඩා ප්‍රිය උපදවන්නක් විය. ජීවත් වුවත් මියගිය අයෙකු මෙන් ජීවත් වන තරංගව නදීකා සිය සැමියා වශයෙන් නාමිකව තබාගෙන ඔහුට ලැබෙන වැටුප හා අනෙකුත් වරප්රසාදද භුක්ති වින්දාය. නදීකාගේත්, උදාරගේත් අනියම් ඇසුර තරංගට මෙන්ම සමාජයටත් රහසක්ව පැවතිණි.
තරංගගේ වැටුපෙන් ලැබෙන මුදල් වලින් කා, බී සැපවිඳි ඇය හොඳින් ඇඳ පැලඳගෙන උජාරුවට පාරේ ගියද ඇයගේ හෘද සාක්ෂියට අනුව ඇය වරදකාරියකි.
0 comments:
Post a Comment