මෝඩ මිතුරාගේ මනාලිය කපටි මිතුරා සොරාගනී


කොළඹට නුදුරු ගමක විසූ සමවයසේ අවිවාහක මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු මෝඩයකු වූ අතර අනෙකා කපටියකු විය. මෝඩ මිතුරා අත නිතරම මුදල් ගැවසුණු
බැවින් ඔහුව රවටා නිතරම මුදල් ගරා ගැනීමට කපටි මිතුරා පුරුදුව සිටියේය.
ඔහුගේ අලූත්ම උපක‍්‍රමය වූයේ මෝඩ මිතුරා විවාහයක් සඳහා කැමති කරවා ගැනීමය. ඒ අනුව ඉරිදා පුවත්පතක මංගල යෝජනාවක් පළකර පිළිතුරු ගෙන්වාගත් කපටි මිතුරා ඉන් කිට්ටුම අයකු තෝරාගෙන මනාලිය බැලීම සඳහා යාමට දිනයක්ද යොදා ගත්තේය. කපටි මිතුරාගේ උපදෙස් අනුව මෝඩ මිතුරා තමා බැලීමට යන මනාලිය සඳහා වටිනා තෑගි බෝග කීපයක්ද මිලදී ගත්තේය.
ඊට අමතරව තමාට සහ කපටි මිතුරාටද අලූත් ඇඳුම් මිලදීගත් මෝඩ මිතුරා ගමන සඳහා කුලී රථයක්ද සූදානම්කර ගත්තේය. නියමිත දිනයේ නෑගි බෝගද රැුගෙන මෝඩ මිතුරා තම විශ්වාසවන්ත මිතුරාද සමග කුලී රථයේ නැගී මනාලිය බැලීමට ගියේය. නිවෙස ඉදිරිපිටදී අදාළ කාන්තාවගේ දෙමව්පියන් විසින් පිළිගනු ලැබූ මිතුරන් දෙදෙනා සාලයේ වාඩිවූහ. සුළු වේලාවකින් සාරියක් හැඳගත් සුරූපි කාන්තාවක් කාමරයක් තුළින් එළියට පැමිණ මිතුරන් දෙදෙනා වාඩි වී සිටි ස්ථානය අසල පුටුවක වාඩි වූවාය.
කාන්තාව දැකීමෙන් මෝඩ මිතුරා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට පටන් ගත් අතර කාන්තාවගේ රූ සපුවෙන් වශී වූ කපටි මිතුරා ඇය දෙසම බලා සිටියේය. දෙමව්පියන් සංග‍්‍රහයෙන් පසු තම දියණිය සමග ඇගේ කාමරයට ගොස් අවශ්‍ය දේවල් කතාබහ කර ගන්නා ලෙසට මෝඩ මිතුරාට ඇරයුම් කළ නමුත් තද ලැජ්ජාව නිසා ඒ සඳහා ඉදිරිපත් වන්නට අකමැති වූ මෝඩ මිතුරා එම කාර්යය තම මිතුරාට පැවසීය.
ඔහු කිසිදු පැකිලීමක් නැතිව කාන්තාව සමග ඇගේ කාමරයට ගියේය. පැය භාගයකට පමණ පසු ඔවුන් දෙදෙනා කාමරයෙන් එළියට පැමිණියේ අලූත විවාහ වූ යුවළක් ලෙසටය. විවාහය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා තම දෙමව්පියන් සමග සති තුනක් ඇතුළත නැවත වාරයක් පැමිණෙන බව කාන්තාවගේ දෙමව්පියන්ට පැවසූ මෝඩ මිතුරා තම මිතුරාද සමග නිවෙසින් පිටව ගියේය.
හරියටම සති තුනකින් විවාහය සඳහා දින නියම කර ගැනීම පිණිස තම දෙමව්පියන් සමග එම නිවෙසට ගිය මෝඩ මිතුරාට කාන්තාවගේ දෙමව්පියන් වෙතින් දැනගන්නට ලැබුණේ ඔහුගේ මිතුරාත් තම දියණියත් දින දෙකකට උඩදී හදිසියේ විවාහ වී මධු සමය සඳහා පිටත්ව ගිය බවය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment