දැරිය අත පත ගෑවායි ලාංකිකයාට චෝදනා


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී 11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අල්කුසෙයිස් නැමති වෙළඳසැලක් තුළ දී සැකකරු විසින් අදාළ දැරියගේ සිරුර අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් ඇය විසින් සිය පියාට පවසා ඇත.  පසුව ඇයගේ මව්පියන් විසින් මේ පිළිබඳ අල්කුසෙයිස් පොලිසියට පැමිණිලි කර තිබේ.  ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙයි.  එම නඩු විභාගය ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා කල් දමා ඇත.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment