නිර්වත් වෙන්නෙ රස්සාවට - විෂ්ව රූ රැජන පවසයි





ලෝකය ඇයව හඳුනාගත්තේ විශ්ව රූ රැජන වීමෙන් පසුවයි. අතිශය රූමත් කාන්තාවක වූ ලාරා ඉන් පසුව හින්දි සිනමාවට එක්වූනා. වර්තමානයේදී


ඇය ගැන ලෝකය කතා කරන්නේ ඇගේ සරාගික රූමත්කම ගැන පමණක් නොවේ, ඇගේ රංගන දක්‍ෂතාව, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ හැකියාව, දේශපාලන කටයුතු පිළිබඳව ඇති දැනුම ගැනද ඉන්දියානුවෝ විමසිලිමත් වෙනවා. මේ ලාරා දත්තා Koffee With Karan වැඩසටහන සමඟ දැක්වූ අදහස්.
ඔබ මේ වැඩසටහනට සහභාගි වෙන්න අදිමදි කළේ ඇයි?
මාව සීතල වෙනවා, වෙව්ලනවා. ඔබ අහන සමහර ප්‍රශ්නවලින් අපේ ඇඳුම් ගැලවෙනවා.

 
මේ වැඩසටහනෙන් අහන ප්‍රශ්න ඒ වගේ තමයි. කොහොමත් ඔබ ඇඳුම් ගලවගෙන රඟපාන කාමුක දර්ශන චිත්‍රපටවල තියෙනවානේ?
විශ්ව රූ රැජන තරගවලට සහභාගි වනකොට අපට බිකිනිය හෝ සිරුර ප්‍රදර්ශනය වෙන ඇඳුම් අඳින්න වෙනවා.
.
ඔබ ගැන මිනිසුන් කියන්නේ ඔබ ඉතාම සරාගිකයි කියලා?
ඔබට ගොඩක් ස්තූතියි එහෙම කියනවට. මට චිත්‍රපටවල රඟපාන්න ලැබුණේ සරාගික චරිත.
.
ඔබ රඟපෑ චිත්‍රපට අතිසාර්ථක වුණේ ඔබගේ අඩනිරුවත නිසාද? විශේෂයෙන්ම ජූන් චිත්‍රපටයේ ඔබගේ අඩනිරුවත් දර්ශන තිබුණා.
සෑම චිත්‍රපටයකම වගේ අඩනිරුවත් දර්ශන තිබෙනවා. චිත්‍රපටවල පමණක් නෙවෙයි වර්තමාන සමාජයේ සෑම තැනකම කෙටි ඇඳුම් අඳින ස්ත්‍රීන් සිටිනවා.
.
නිරුවත් වීම ගැන ඔබ ඔබව සාධාරණීකරණය කරන්න හදනවා නේද?
නෑ. සාධාරණීකරණය කරන්න මම වරදක් කරලා නෑ. මම කොහොමත් සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි. ඔයාගෙ අල්ලපු ගෙදර කෙල්ල වගේ මට අඳින්න පලඳින්න බැහැනේ. මගේ වෘත්තීය අවස්ථාවන්ට, වෘත්තියට ගැළපෙන විදියටයි මට අඳින්න වෙන්නේ.
.
ඔබේ වෘත්තිය මොකක්ද හරියටම?
මම නිළියක්, සමාජ සේවිකාවක්, නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතවරියක්.
.
සරාගික බව අතින් නළුවන් 5 දෙනෙක් මුල්තැන ගන්නා පිළිවෙළට කියන්න
ආක්ෂේ, සල්මාන්, සායිෆ්, රිතික්, ජෝන්.
.
ඔබ පන්ජාබ් කාන්තාවක් නිසා ඔබ ඔබව ඉදිරිපත් කිරීමේදී බටහිර විලාසිතාවට වඩා ඉන්දීය ස්වරූපයක් ගනීවි යැයි සමහරු කිව්වා?
මගේ පළමුවැනි චිත්‍රපටයේදී මම රඟපෑවේ පන්ජාබ් කාන්තාවකගේ චරිතයක්. ඇය සාම්ප්‍රදායික ඉන්දීය ගෘහණියක්. සිනමා රසිකයන් මගෙන් දිගටම ඒ චරිතය බලාපොරොත්තු වෙන්න ඇති.
.
හින්දි සිනමාව කියන්නේ කටකතා, ඕපාදූප පිරුණු තැනක්. ඔබ මොනවද මේ ගැන හිතන්නේ?
නළුවන්ට, නිළියන්ට, ශිල්පීන්ට එකට එක්ව වැඩ කරන්න වෙනවා සිනමාවේදී. සමහර විට ඉතාම සමීපව ආශ්‍රය කරන්නත් වෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන්ට විවිධ දේ හිතෙනවා.
.
නිකම්ම හේතුවක් නැතිව කටකතා ඇතිවෙන්නෙත් නෑනේ?
හුඟක්ම මේ කටකතා ආරංචියක් විදියට පතුරවන්නේ මාධ්‍යවේදීන්. ඔවුන් සුළු දේවල් විශාල ලෙස පෙන්වනවා. සමහර දේවල්වලට කිසිම පදනමක් නෑ.
.
ඔබ මාධ්‍යයට චෝදනා කරනවද?
දවසින් දවස අලුත් චිත්‍රපට පිටවෙන රටක් ඉන්දියාව.මේ හැම චිත්‍රපටයකටම එහි රඟපාන අය සහ ශිල්පීන් ගැන මාධ්‍ය ආවරණයක් අධ්‍යක්‍ෂවරු විසින් පවත්වනවා. ඒ නිසා ඉබේම මිනිස්සු විවිධ දේ කියන්න ගන්නවා නළු නිළියන් ගැන.
.
ඉතින් ඒක ජනප්‍රියත්වයට හොඳයි නේ?
නරක පැත්තකුත් තියෙනවා. සමහර අයගේ පවුල් කැඩෙනවා. දරුවෝ අනාථ වෙනවා. ප්‍රේම සම්බන්ධතාවන් බිඳ වැටෙනවා මේ වගේ ප්‍රචාර නිසා.
.
ඔබටත් එහෙම වෙලා තියෙනවද?
ඔව්. මමත් කවදාවත් තනියම ඉඳලා නෑ. කවුරු හරි මා එක්ක ඉන්නවනේ.
.
රූ රැජිනක්, නිළියක් නොවුණා නම් කැමැති කොහොම ජීවත් වෙන්නද?
පන්ජාබ් ඇඳුම් ඇඳගෙන, පන්ජාබ් කෑම කන්න. පන්ජාබයේ ජීවත් වෙන්න කැමැතියි. ඒත් ඉතින් ඉතාලිය පැත්තේ යන්නත් ආසයි.
.
හින්දි සිනමාවේ වැඩියෙන්ම වැරැදි වැටහීම් ඇතිකරගන්නේ කවුද?
විවේක් ඔබ්රෝයි.
.
හින්දි සිනමාවේ තමන්ගේ තත්ත්වය ගැන හිතලා වැඩ කරන්නේ කවුද?
සල්මන් ඛාන්.
.
හොඳම හින්දි අධ්‍යක්‍ෂවරයා කවුද?
යාශ් චොප්රා.
.
එතකොට රංගනයේදී දක්‍ෂතම නළුවා කවුද?
මම හිතන්නේ නානා පතේකාර් කියලා.
.
හොඳයි නිළියන් ගැනත් ඔබෙන් අහන්නම්. විශ්ව රූ රැජින ලෙස ඔබ දකින ආඩම්බරම නිළිය කවුද?
ප්‍රීති සින්ටා.
.
වඩාත්ම විවාදාත්මක නිළිය කවුද?
බිපාෂා බාසු
.
වඩාත්ම විලාසිතාමය නිළිය කවුද?
අනුෂ්කා.
.
හින්දි සිනමාවේ මොන නිළියටද කියන්න පුළුවන් මම කන්‍යාවියක් කියලා?
මට නම් කියන්න තිබුණා මම වයස අවුරුදු 14දි හින්දි සිනමාවට ආවා නම්. අනිත් අයටත් එහෙම වෙන්න ඇති ෂුවර්.
.
හින්දි සිනමාවේ හොඳම පිටපත් රචකයා කවුද?
ඔයා හදන්නේ මට ඊළඟට ලැබෙන චිත්‍රපටය නවත්වන්නද?
.
හින්දි සිනමාවේ හොඳම මව කවුද?
ජූහි චවුලා.
.
කවුද හින්දි සිනමාවේ පරිපූර්ණ කාන්තාව?
ලාරා දත්තා වන මමයි.
.
ඔබේ සතුරකු සමඟ සිනමාවේදී කාමුක දර්ශනයක් රඟපාන්න ලැබුණොත්?
මම කියනවා මගෙන් පැත්තකට වෙලා ඉන්න කියලා.
.
හින්දි සිනමාවේ සරාගික සංකේතය ලෙස ඔබ හඳුන්වන්නේ කාවද?
මල්ලිකා.
.
මල්ලිකාට පස්සේ කවුද ඉන්නේ?
කරීනා කපූර්. ඇයත් ඉතාම සරාගිකයි.
.
කැමතිම නළුවා කවුද?
ෂාරුක් ඛාන්
හොඳම සහකරු කවුද?
සල්මාන් ඛාන්.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment