වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක්


රාජකාරි ගමන පසෙක ලා හොර තිප්පොළකට රිංගා පදමට සප්පායම් වෙමින් සිටි එක්තරා ආයතනයක වාහන රියැදුරකුට එම වාහනය අයත් ආයතනයේ අධ්‍යක්ෂවරයකු විසින් ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා විය.

සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා ආයතනයක වාහනයක රියැදුරෙකි. රාජකාරි ගමනක් ගොස් ආපසු එමින් සිටි ඔහු තම වාහනය ප‍්‍රධාන මාර්ගය අසල නවතා ඒ අසල තිබූ අරක්කු තිප්පොළකට රිංගා ගත්තේ පුරුදුපරිදි හීන් අඩියක් ගැසීමටය.


ගිය කාරිය නිමා කළ ඔහු අඩහෝරාවකින් පමණ මාර්ගයට පැමිණ වට පිට බලද්දී ඔහුට තරු පෙණුනේ තමාගේ වාහනය එහි නැති බව දැකීමෙනි.
මේ අවස්ථාවේ රියැදුරුට කතා කළ ඒ අසල වෙළෙඳ සැලක අයිතිකරුවකු පවසා ඇත්තේ ටයි පටියක් පැළඳ තරමක් වටිනා කැබ් රථයකින් පැමිණි උසස් යැයි සිතිය හැකි නිලයක් දරන මහත්තයකු නවතා තිබූ වාහනය ඔහු පැමිණි වාහනයේ ගැට ගසාගෙන ඇදගෙන ගිය බවකි.

එම වාහනයේ පැමිණියේ අහවල් ආයතනයේ අධ්‍යක්ෂකවරයා යැයිද තමාට පැවැසූ බව වෙළෙඳ සැල් හිමියා පවසද්දී රියැදුරුගේ වෙරිමත ද හිඳී ගිය අර ඉහින් කනින් දාඩිය දමන්නට ද විය.

කෙසේ වෙතත් ආයතන ප‍්‍රධානියාගේ හිත උණුවීම නිසා සුළු අවවාද කිරීමකින් පසුව ඔහු තවමත් සේවයේ නිරතවෙතැයි එම ආයතනයේ සේවකයෝ කියති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment