ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා


මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු හා බඩු බාහිරාදිය රැුගෙන වාහනය අමතක කර ලංගම බස්රථයක  පැමිණි සිද්ධියක් වාර්තා විය.


දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් මාවනැල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා නගරයේ කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ගුණපාල නමිනි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඉහළ නමක් දිනා සිටියත් ඔහුට තිබූ එක් රෝග ලක්ෂණයක් වූයේ විටින් විට අමතක වීමේ අඩුපාඩුව පමණි.

පසුගියදා තමන්ගේ කඩයට අවශ්‍ය බඩු කිහිපයක් රැුගෙන ඒමට තම වෑන් රථයෙන් කෑගල්ල නගරයට ගියේ අතරමගදී තමන්ගේ හිතවතෙකු ද කෑගල්ලේ යෑමට මහ මග සිටිනු දැක වාහනයට නංවා ගෙනයි. කෑගල්ල නගරයේදී වාහනය නවතා දෙදෙනා තම වැඩ කටයුතු සඳහා වෙන්වී යන්නට විය.

ගුණපාලද තමන්ට අවශ්‍ය කළමනා සියල්ල නගරයෙන් මිලයට ගෙන පොලිතින් මල්ලක බඩු මුට්ටු සියල්ල දමා ගත්තේය. පසුව ඒ සියල්ල අතැතිව හනිකට පැමිණ කෑගල්ල මාවනැල්ල බස් රථයට ගොඩවිය. බසයද තම ගමන ආරම්භ කළේ බස් රථයේ මගීන් විශාල ප‍්‍රමාණයක් ඒ වනවිටත් සිටි හෙයිනි. කෑගල්ල පසුකර මීපිටිය පල්ලම ළඟා වෙන විට බසයේ වම් පසින් දකුණු පසට ගිය ගුණපාලට කෙනෙකු තට්ටු කරනු දැක බැලීය. එවිට ගුණපාලට තම වාහනය මතක් විය. ඒ තට්ටු දමා ඇත්තේ උදේ තමන්ගේ වාහනයේ පැමිණි මිතුරාය.

කෝ වෑන් එක ගරාජ් එකට දැම්මාද? කියා ඔහු ගුණපාලගෙන් ඇසීය.

නෑ. නෑ. නෑ. මම බහිනවා කියූ ඔහු බසයෙන් බැස ගත්තේ. තමන් ගැනම කෝපයෙනි.

ඔහු බසයට ගොඩවී ඇත්තේ තමන් වෑන් රථයේ පැමිණි බව ඔහුට අමතක වූ නිසාය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment