
නූතන මානවයන් වසර 60,000ට පමණ පෙර අප්‍රිකාවෙන් ව්‍යාප්තවූ බවට වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට ඊශ්‍රායලයෙන් හමුවූ මානව හිස්කබලක් හේතු වූ බව විදයාඥයෝ කියති. මානවයාගේ පර්යටනය හේතුවෙන් හෝමෝ සේපියන්ස් සේපියන්ස් නූතන මානවයා ලොව පුරාම ව්‍යාප්තවූ බවත් නියැන්ඩතාල් මානවයා තුරන් වී ගිය බවත් මේ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.
මේ මානව හිස්කබල හමුවී ඇත්තේ මැනොට් ගුහාවෙනි. හිස්කබල වසර 55,000ට වඩා පැරණිය. පර්යේෂණය සිදුකළ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හරෂ්කොවිට්ස් පවසන්නේ නූතන් හිස්කබලකින් මේ හිස්කබල වෙන්කිරීමට හේතු සාධක නොමැති බවයි.
මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ සහරා සහ නුබියන් කාන්තාර හරහා නැගෙනහිර අප්‍රිකාවෙන් විශාල ලෙස ජනයා මධ්‍යධරණී පෙදෙසට සංක්‍රමණය වී මීට අවුරුදු 55000 කට පෙර ජනාවාස ඇති කරගත් බව පෙන්වා දීමට හැකි පළමු වැදගත් සාක්ෂිය මෙම හිස්කබල බවයි. එය නූතන මානවයාගේ පරිනාමය පිළිබඳ තොරතුරු පෙන්වාදිය හැකි යතුරක් ලෙස හැඳින්විය හැකි බව ද පර්යේෂකයෝ කියති.

0 comments:
Post a Comment