මේ වන විට අපේ රට තුළ විවිධ මිථ්‍යා දෘෂ්ටික චරිත ‘පහළවී’ ඇති බව රහසක් නොවේ මේ අතර තමන් සියලු කෙලෙසුන් නැසූ බව පවසමින් මාධ්‍ය සංදර්ශන පවත්වන පැවිද්දෝද සිටිති. ඒ අතින් බලනවිට ඉන්දියාව ද අප රටට කෙසේවත් දෙවැනි නොවේ.
එහිද නොයෙක් කාලවලට නොයෙක් ආකාරයේ පුද්ගලයන් මතු වී නැති වී යයි. වර්තමානයේ ඉන්දියාවේ ආධ්‍යාත්මික පක්ෂයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ස්වාමි නිත්‍යානන්ද හැඳින්විය හැකිය. ඔහුගේ දහම ලෙස ඔහු සිය බැතිමතුන්ට හඳුන්වා දෙන්නේ මතෛක් කලක් ඉන්දියාවේ පහළ වූ විවිධ දෘෂ්ටික චරිතවලට වඩා වෙනස් උදධෘත පාඨයකි එනම් “මා මෙහි පැමිණ සිටින්නේ මා දෙවියන් බව ඔබට පැහැදිලි කිරීමට නොව එය සනාථ කර පෙන්වීමටය” යන්නය. ඔහුගේ මෙම ප්‍රකාශය නිසා ඉන්දියානුවන් පමණක් නොව යුරෝපා ඇමෙරිකා ආදී රටවල ඇතැම්හු ද ඔහුගේ බැතිමත්තු බවට පත්ව හිඳිති.
1978 වසරේ ජනවාරි පළමු වනදා උපත ලැබුවේ යැයි කියන ඔහු 2003 වසරේදී ඇමෙරිකානු රජයෙන් වීසා ඉල්ලුම්පතක් අයදුම්කර තිබෙන්නේ 1977 වසරේ මාර්තු 13 වනදා උපන් බව සඳහන් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමිනි. එහෙත් පසු කාලයේ ඔහු සිය උපන් දිනය මාස කීපයකින් ඉදිරියට ගෙන ඇත්තේ 1978 වසරේ ජනවාරි පළමුවන දිනයේ උපන් බවක් පවසමිනි. ඒ එය ඉතා සුබඵල ගෙන දෙන දිනයක් බව දැන ගත් පසුව විය හැකි බව ‘හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ. තමිල්නාඩුවේ තිරුවන්නමලෙයි ප්‍රදේශයේ උපත ලද ඔහුගේ උපන් නම රාජසේකරන්ය. අරුණාචලම් සහ ලෝකනායකීගේ දෙවන දරුවා ලෙස උපන් ඔහු තමන් උපන් ආකාරය පවා ඉතා හොඳින් මතකයේ ඇති බව පැවසීම නම් ඇත්ත වශයෙන්ම ආශ්චර්යයකි. උපත් සිදුවීම ගැන තම මතකය ඉතා පැහැදිලි බව ඔහු කියයි. “ඒ වෙලාවෙ ලොකු අඳුරක් තිබුණේ නෑ. හැබැයි ආලෝකයෙන් පිරිලා තිබුණෙත් නෑ කිසිම හැඩයක් නැති වර්ණ විශාල ප්‍රමාණයක් අඩවන්ව තිබුණු මගේ ඇස් හරහා එහා මෙහා ගියා මට මතකයි. එක පාරටම තීව්ර ආලෝකයක් මගේ ඇස් ඉදිරියට ආවා. ඒ වෙලාවේ මම දැන ගත්තා මම දැන් ඉන්නෙ දකුණු ඉන්දියාවේ කියලා. මම අර තීව්ර ආලෝකයට ඇතුළු වුණා. දැන් මම අරුනාචලම්ගේ පුතා කියලා මට ප්රත්යක්ෂ වුණේ ඒ වෙලාවේ” ඒක සවිඥානක උපතක්. ඒ විතරක් නෙවෙයි, මීට ටික කාලයකට කලින් මම මවගේ ගර්භාෂයට ඇතුළු වුණු හැටිත් මට සිහි වුණා. ඒ එදා රෑ හරියටම රාත්‍රී 11.45 ඒ වෙලාවේ සුබ මුහුර්තයක් යෙදිලා තිබුණා මම ඇගේ ගර්භාෂයට වෙලා ලෝකය සමග අදහස් හුවමාරු කර ගත්තා. ඔහු පවසයි.
පුදුමය නම් මෙවැනි සුරංගනා කතා ඔහුට මතක් වී තිබෙන්නෙ කුඩා කාලයේ නොව කහ පැහැති සාළුව පොරවා ගත් පසුව වීමය.
වයස අවුරුදු නවය දක්වා සාමාන්‍ය දරුවකු ලෙස හැදී වැඩුණු ඔහු ඉන්පසු පාසල් යාම නතර කළ ඔහු තිරුවන්නමලෙයි හි ආශ්රමයක අත් උදව්කරුවකු ලෙස සේවයට බැඳී තිබේ. පාසල් දිවිය එපා වූයේත් ආරාමයට බැඳෙන්නට සිත දුන්නේත් තමන් කෙරෙහි ඇති අසීමිත බලය නිසා බව ඔහු පවසයි. ආරාමය තුළ දී සමාධි ගත වූ දිනක ඔහුට ශිව දෙවියන්ගේ එක් අවතාරයක් වූ අරුණගිරි යෝගීෂ්වරයා හමු වී තිබේ. එම දිනයෙන් පසු දිනයක් හැර දිනයක් තමා සමාධි ගත වී අරුණාගිරි යෝගීෂ්වරයා හමු වන බවත් ඒ සෑම දිනකදීම ඔහු තමන් සමග පැයක් පමණ කතාබහේ යෙදෙන බවත් ඔහු සිය බැතිමතුන්ට පවසා තිබේ. එසේ හමු වූ දිනෙක “ආදරණීය දරුව ඔබ සහ මම එක් පුද්ගලයෙකි. අප දෙදෙනා කිසිම දිනක වෙන් කළ නොහැකිය. ඔබ කිසිදා මා අමතක නොකළ යුතුය” යනුවෙන් පවසා තමන්ගේ සිරුර තුළට කිඳා බැසි බවත් එතැන් පටන් තමන් සමාධිගත වූ කිසිම දිනක නැවතත් අරුණාගිරි මුණ නොගැසුණු බවත් ඔහු පවසයි.
රාජසේකරන් කොළු ගැටයා නිත්‍යානන්ද බවට පත් වූයේ වයස අවුරුදු 17 දීය. ‘මහාවතාර් බාබජී’ නමින් හඳුන්වන අදෘශ්‍යමාන යෝගීවරයෙකු විසින් ඔහුට එම නම යෝජනා කර තිබේ. බැංග්ලෝර් හි සිය බැතිමතුන් එක්කාසු කරගත් නිත්‍යානන්ද “නිත්‍යානන්ද ධ්යානපීඨම්” නම් ආශ්‍රමය බිහිකරගෙන තිබුණේ 2003 වසරේ ජනවාරි පළමු වනදාය. එතැන් පටන් ඔහු වටා රැඳී බැතිමතුන් පිරිස දහස් ගණනින් වර්ධනය වී තිබේ. ඒ අතර ස්වදේශිකයන් සේම විදේශිකයෝ ද වූහ. උත්තුංග දේහධාරී ප්‍රියමනාප කඩවසම් තරුණයෙකු වූ ඔහු වටා පිරිමි බැතිමතුන්ට වඩා වැඩියෙන් රැස්ව සිටියේ කාන්තා බැතිමතියන් බව පෙනේ. ඔහු දැක බලා ගැනීමටත් පසුකාලීනව ඔහුගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් නිතර දෙවේලේ පැමිණෙන බැතිමතුන් අතර වැඩි වශයෙන් සිටින්නේ දකුණු ඉන්දියානු රූමත් නිළියන්ය. තරුණ නිළියන්ට ආශිර්වාද කිරීමට අමතරව ආශ්‍රමය තුළ තවතවත් බොහෝ දේ සිදුවන බවට පසුගිය කාලයේ කටකතා පැතිරිණි. එමෙන්ම මේ නිත්‍යානන්ද ස්වාමිවරයා කාන්තාවන් හසුකරගන්නා ‘කෙමනක්’ බවට කතා පැතිරිණි. එයට ප්‍රධාන හේතුව සුපිරි දමිළ නිළියක වන හතළිස් හැවිරිදි යුවරානි සහ ස්වාමි නිත්‍යානන්ද් පෙනී සිටි ලිංගික දර්ශන සහිත වීඩියෝවක් 2010 වසරේදී අන්තර් ජාලයේ සැරිසැරීමය.
මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමග දකුණු ඉන්දියානු නිළියන් රැසක් ස්වාමිනිත්යානන්ද් සොයාගෙන පැමිණියේ මන්ද යන වග දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වුවද ඉන් අනතුරුව “නිත්‍යානන්ද් ධ්යානපීඨම්” වෙත නිතර ආගිය දමිළ, මලයාලම් සහ තෙළෙඟු නිළියක වන හතළිස් හැවිරිදි රංජිතා සමග ද ස්වාමි
නිත්යානන්ද්ගේ සමීප ඇසුරක් ගොඩනැගී තිබේ. වරක් රංජිතා මාධ්‍යයට පවසා තිබුණේ තමාට හිමි වූ “හොඳම සහය නිළිය” සම්මානය ලබාදීම සඳහා තමන් ස්වාමි නිත්යානන්දන්ගෙන් ‘ආශිර්වාද’ ලබාගත් බවය. මෑත කාලයේ ස්වාමිගේ නම පැටලී ඇත්තේ විසිපස් හැවිරිදි දමිළ නිළියක සහ පසුබිම් ගායිකාවක වන නිත්‍යා මෙනන් සමගය. ඇය වරක් හොඳම තෙළෙඟු භාෂා සහාය ගායනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද නිර්දේශ වූවාය. ඒ සඳහාද තමන්ට ස්වාමි නිත්යානන්දන්ගේ ‘ආශිර්වාදය’ හිමිවූ බව ඇය පවසා ඇත.එහිද නොයෙක් කාලවලට නොයෙක් ආකාරයේ පුද්ගලයන් මතු වී නැති වී යයි. වර්තමානයේ ඉන්දියාවේ ආධ්‍යාත්මික පක්ෂයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ස්වාමි නිත්‍යානන්ද හැඳින්විය හැකිය. ඔහුගේ දහම ලෙස ඔහු සිය බැතිමතුන්ට හඳුන්වා දෙන්නේ මතෛක් කලක් ඉන්දියාවේ පහළ වූ විවිධ දෘෂ්ටික චරිතවලට වඩා වෙනස් උදධෘත පාඨයකි එනම් “මා මෙහි පැමිණ සිටින්නේ මා දෙවියන් බව ඔබට පැහැදිලි කිරීමට නොව එය සනාථ කර පෙන්වීමටය” යන්නය. ඔහුගේ මෙම ප්‍රකාශය නිසා ඉන්දියානුවන් පමණක් නොව යුරෝපා ඇමෙරිකා ආදී රටවල ඇතැම්හු ද ඔහුගේ බැතිමත්තු බවට පත්ව හිඳිති.
1978 වසරේ ජනවාරි පළමු වනදා උපත ලැබුවේ යැයි කියන ඔහු 2003 වසරේදී ඇමෙරිකානු රජයෙන් වීසා ඉල්ලුම්පතක් අයදුම්කර තිබෙන්නේ 1977 වසරේ මාර්තු 13 වනදා උපන් බව සඳහන් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමිනි. එහෙත් පසු කාලයේ ඔහු සිය උපන් දිනය මාස කීපයකින් ඉදිරියට ගෙන ඇත්තේ 1978 වසරේ ජනවාරි පළමුවන දිනයේ උපන් බවක් පවසමිනි. ඒ එය ඉතා සුබඵල ගෙන දෙන දිනයක් බව දැන ගත් පසුව විය හැකි බව ‘හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ. තමිල්නාඩුවේ තිරුවන්නමලෙයි ප්‍රදේශයේ උපත ලද ඔහුගේ උපන් නම රාජසේකරන්ය. අරුණාචලම් සහ ලෝකනායකීගේ දෙවන දරුවා ලෙස උපන් ඔහු තමන් උපන් ආකාරය පවා ඉතා හොඳින් මතකයේ ඇති බව පැවසීම නම් ඇත්ත වශයෙන්ම ආශ්චර්යයකි. උපත් සිදුවීම ගැන තම මතකය ඉතා පැහැදිලි බව ඔහු කියයි. “ඒ වෙලාවෙ ලොකු අඳුරක් තිබුණේ නෑ. හැබැයි ආලෝකයෙන් පිරිලා තිබුණෙත් නෑ කිසිම හැඩයක් නැති වර්ණ විශාල ප්‍රමාණයක් අඩවන්ව තිබුණු මගේ ඇස් හරහා එහා මෙහා ගියා මට මතකයි. එක පාරටම තීව්ර ආලෝකයක් මගේ ඇස් ඉදිරියට ආවා. ඒ වෙලාවේ මම දැන ගත්තා මම දැන් ඉන්නෙ දකුණු ඉන්දියාවේ කියලා. මම අර තීව්ර ආලෝකයට ඇතුළු වුණා. දැන් මම අරුනාචලම්ගේ පුතා කියලා මට ප්රත්යක්ෂ වුණේ ඒ වෙලාවේ” ඒක සවිඥානක උපතක්. ඒ විතරක් නෙවෙයි, මීට ටික කාලයකට කලින් මම මවගේ ගර්භාෂයට ඇතුළු වුණු හැටිත් මට සිහි වුණා. ඒ එදා රෑ හරියටම රාත්‍රී 11.45 ඒ වෙලාවේ සුබ මුහුර්තයක් යෙදිලා තිබුණා මම ඇගේ ගර්භාෂයට වෙලා ලෝකය සමග අදහස් හුවමාරු කර ගත්තා. ඔහු පවසයි.
පුදුමය නම් මෙවැනි සුරංගනා කතා ඔහුට මතක් වී තිබෙන්නෙ කුඩා කාලයේ නොව කහ පැහැති සාළුව පොරවා ගත් පසුව වීමය.
වයස අවුරුදු නවය දක්වා සාමාන්‍ය දරුවකු ලෙස හැදී වැඩුණු ඔහු ඉන්පසු පාසල් යාම නතර කළ ඔහු තිරුවන්නමලෙයි හි ආශ්රමයක අත් උදව්කරුවකු ලෙස සේවයට බැඳී තිබේ. පාසල් දිවිය එපා වූයේත් ආරාමයට බැඳෙන්නට සිත දුන්නේත් තමන් කෙරෙහි ඇති අසීමිත බලය නිසා බව ඔහු පවසයි. ආරාමය තුළ දී සමාධි ගත වූ දිනක ඔහුට ශිව දෙවියන්ගේ එක් අවතාරයක් වූ අරුණගිරි යෝගීෂ්වරයා හමු වී තිබේ. එම දිනයෙන් පසු දිනයක් හැර දිනයක් තමා සමාධි ගත වී අරුණාගිරි යෝගීෂ්වරයා හමු වන බවත් ඒ සෑම දිනකදීම ඔහු තමන් සමග පැයක් පමණ කතාබහේ යෙදෙන බවත් ඔහු සිය බැතිමතුන්ට පවසා තිබේ. එසේ හමු වූ දිනෙක “ආදරණීය දරුව ඔබ සහ මම එක් පුද්ගලයෙකි. අප දෙදෙනා කිසිම දිනක වෙන් කළ නොහැකිය. ඔබ කිසිදා මා අමතක නොකළ යුතුය” යනුවෙන් පවසා තමන්ගේ සිරුර තුළට කිඳා බැසි බවත් එතැන් පටන් තමන් සමාධිගත වූ කිසිම දිනක නැවතත් අරුණාගිරි මුණ නොගැසුණු බවත් ඔහු පවසයි.
රාජසේකරන් කොළු ගැටයා නිත්‍යානන්ද බවට පත් වූයේ වයස අවුරුදු 17 දීය. ‘මහාවතාර් බාබජී’ නමින් හඳුන්වන අදෘශ්‍යමාන යෝගීවරයෙකු විසින් ඔහුට එම නම යෝජනා කර තිබේ. බැංග්ලෝර් හි සිය බැතිමතුන් එක්කාසු කරගත් නිත්‍යානන්ද “නිත්‍යානන්ද ධ්යානපීඨම්” නම් ආශ්‍රමය බිහිකරගෙන තිබුණේ 2003 වසරේ ජනවාරි පළමු වනදාය. එතැන් පටන් ඔහු වටා රැඳී බැතිමතුන් පිරිස දහස් ගණනින් වර්ධනය වී තිබේ. ඒ අතර ස්වදේශිකයන් සේම විදේශිකයෝ ද වූහ. උත්තුංග දේහධාරී ප්‍රියමනාප කඩවසම් තරුණයෙකු වූ ඔහු වටා පිරිමි බැතිමතුන්ට වඩා වැඩියෙන් රැස්ව සිටියේ කාන්තා බැතිමතියන් බව පෙනේ. ඔහු දැක බලා ගැනීමටත් පසුකාලීනව ඔහුගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් නිතර දෙවේලේ පැමිණෙන බැතිමතුන් අතර වැඩි වශයෙන් සිටින්නේ දකුණු ඉන්දියානු රූමත් නිළියන්ය. තරුණ නිළියන්ට ආශිර්වාද කිරීමට අමතරව ආශ්‍රමය තුළ තවතවත් බොහෝ දේ සිදුවන බවට පසුගිය කාලයේ කටකතා පැතිරිණි. එමෙන්ම මේ නිත්‍යානන්ද ස්වාමිවරයා කාන්තාවන් හසුකරගන්නා ‘කෙමනක්’ බවට කතා පැතිරිණි. එයට ප්‍රධාන හේතුව සුපිරි දමිළ නිළියක වන හතළිස් හැවිරිදි යුවරානි සහ ස්වාමි නිත්‍යානන්ද් පෙනී සිටි ලිංගික දර්ශන සහිත වීඩියෝවක් 2010 වසරේදී අන්තර් ජාලයේ සැරිසැරීමය.
මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමග දකුණු ඉන්දියානු නිළියන් රැසක් ස්වාමිනිත්යානන්ද් සොයාගෙන පැමිණියේ මන්ද යන වග දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වුවද ඉන් අනතුරුව “නිත්‍යානන්ද් ධ්යානපීඨම්” වෙත නිතර ආගිය දමිළ, මලයාලම් සහ තෙළෙඟු නිළියක වන හතළිස් හැවිරිදි රංජිතා සමග ද ස්වාමි
එය කෙසේ වුවද මේ වනවිට ස්වාමි නිත්‍යානන්දට සමහර ඉන්දියානු ජනමාධ්‍ය විසින් නමක් ද පටබැඳ තිබේ. ඒ “සෙක්ස් ස්වාමි” යන්නය. “ද හින්දු” පුවත්පත පවසන්නේ ඔහු හැඳින්විය හැකි හොඳම නම අවසානයේ තමන් සොයාගත් බවය. සෙක්ස් ස්වාමි නොහොත් ස්වාමි නිත්‍යානන්ද වටා රොක් වී සිටින බැතිමතුන් අතර ඔහු කෙතරම් ගෞරවයට පත් වී ද යත් ඔහුට ලිංගික අල්ලස් දී ඔහු තෘප්තියට පත් කිරීමට එකපයින් කැමැත්ත ප්‍රකාශ කරන බැතිමතියෝ් ඕනෑ තරම් සිටිති. ඒ වෙනුවෙන් විරෝධය ප්‍රකාශ කරන එක් පිරිමියෙකු හෝ බැතිමතුන් අතර නැත. සමහරුන් පවසනුයේ රුසියාවේ විසූ රස්පුටින්ට මෙන් කතුන් ආකර්ෂණය කරගැනීමේ විශේෂ බලයක් මොහු සතු බවය. ඒ කෙසේ හෝ නිත්‍යානන්ද සමග කාන්තාවන් පෙනී සිටින ලිංගික දර්ශන පිළිබඳව ඔහුගේ බැතිමතුන් පවසන්නේ මෙවන් දෙයකි. “ස්වාමිතුමා අපහාසයට පත් කරන්න උත්සාහ කරන අය ගැන දෙවියොම බලා ගන්න ඕනේ ඔවුන්ගේ බොරු චෝදනාවලට ස්වාමිතුමා හෝ අපි කලබල වෙන්නෙ නෑ ස්වාමිතුමා අපට නිතර කියනවා දෙවියන්ට එරෙහි පාපී දුෂ්ට බලවේග තිබිම ස්වභාවික බව”.
දුලාජලී මුතුවාඩිගේ
0 comments:
Post a Comment