ස්ථානය- වැල්ලවත්ත
ආයතනය - ප‍්‍රධාන පෙළේ සම්භාහන මධ්‍යස්ථානයක් මෙන්ම දේශපාලන ප‍්‍රභූන් රාත‍්‍රියට ඇදෙන සමාජ ශාලාවක්. පොලිස් ජීප් රථය වේගයෙන් වැල්ලවත්ත දෙසට ඇදුණි.
වේගයෙන් ඉදිරියට ඇදෙන ජිප්රථය නතර වුණේ වැල්ලවත්ත පිහිටි ‘ස්පා’ ආයතනයක් ඉදිරිපිට.ආයතනය - ප‍්‍රධාන පෙළේ සම්භාහන මධ්‍යස්ථානයක් මෙන්ම දේශපාලන ප‍්‍රභූන් රාත‍්‍රියට ඇදෙන සමාජ ශාලාවක්. පොලිස් ජීප් රථය වේගයෙන් වැල්ලවත්ත දෙසට ඇදුණි.
සියල්ල සැණෙකින් ක‍්‍රියාත්මක වුණා. සම්භාහන මධ්‍යස්ථානයකට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය හදිසියේම වැටලූණා. ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපිණියන් අතර විවිධ ජාතීන්ට අයත් සුරූපිණියෝද මොනර කොළයට විකුණුනෝය. අත්අඩංගුවට පත් සුරූපිණියන් අතර සිටි නේත‍්‍රා සිදුවන සියල්ල දෙස පුදුමයෙන් බලා සිටියාය. පොලිස් නිලධාරිණියන් අසන ප‍්‍රශ්න හමුවේ ඇය ගොළුවත රැක්කාය.
‘‘කොහොම කියන්නද දෙවියනේ. දහදුක් විඳලා කුසේ තියාගෙන රැකපු දුව තමන්ගෙම අම්මා ගණිකා වෘත්තියේ යොදවනවා කියලා.’’
පොල් අතු සෙවිළ කළ පැලේ දුප්පත්කම දෝරේ ගලනවා. නේත‍්‍රාගේ අම්මා අගහිඟකම්වලට උත්තර සොයන්න කටුනායක ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවකට ආවේ හිතේ ගොඩ ගැහිච්ච දහසකුත් බලාපොරොත්තු හීනවලට මාවතක් සොයාගෙන.
කටුනායක ඇඟලූම් පුරේ හීන අතර අතරමං වුණ නේත‍්‍රාගේ අම්මා පෙමින් වෙළුණු පේ‍්‍රමවන්තයා නේත‍්‍රාව ඇගේ කුසට දීලා පැනලා ගියා. ගොඩ ගැහුණු හීනත් දරුවෙකුත් කුස දරාගෙන නැවත ගමට යන්න තරම් ඇය තුළ ධෛර්යක් තිබුණේ නැහැ. එහෙත් මෝරණ දරු ගැබත් සමඟ කටුනායක කර්මාන්තපුරයේ තනියම ජීවත් වීමට තරම් සුදුසු පරිසරයක් ඇයට හිමි වුණේ නැහැ.
නේත‍්‍රාගේ අම්මා දරු ගැබත් දරාගෙන ගමට ගියා. ගම්මුන්ගේ අපවාද, දෝෂරෝපණ මැද්දේ කුසින් වදාපු දුවව අහක දාන්න තරම් ඇගේ මවට පුළුවන් වුණේ නැහැ. පියාගේ අපවාද මැද්දේ වූවත් ඇයට ඇගේ මව සෙවණක් වුණා.
ඔය අතරතුර නේත‍්‍රා මෙලොව එළිය දකිනවා. ශල්‍යාගාරය ඉදිරිපිට පුංචි කිරිකැටියගේ උණුසුම විඳින්න පියෙක් සිටියේ නැහැ. සතුටු කදුළු දෝරේ ගලනවා. ඒත් තාත්තෙක් නැති අවජාතක දරුවෙක් කියන සිතුවිල්ල නේත‍්‍රාගේ අම්මගේ හිතේ තදින්ම තිබුණා. නේත‍්‍රා පුංචි සන්දියේ ඉඳලම අම්මාගේ උණුසුමට වඩා වින්දේ ආච්චි අම්මාගේ උණුසුම. නේත‍්‍රා උස්මහත් වුණේ ආච්චිගේ උණුසුමත් එක්ක.
සියල්ල එසේ විසඳෙද්දී නේත‍්‍රාගේ අම්මා ජීවත් වුණේ නිදහසේ සැරිසරන කිරිල්ලියක් වගේ. තම මිතුරෙකුගේ මාර්ගයෙන් රැුකියාවක් සොයාගෙන ඇය නැවතත් සිදාදියට ආවා. එලෙස කොළඹට පැමිණි ඇය මහරගම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළඳසැලක සේවය කළා. ඒ අතරතුර මුණගැහුණු ආගන්තුක නිහාල් සමඟ පැවති හිතවත්කම පේ‍්‍රමයකට පෙරළෙන්න මහ කාලයක් ගියේ නැහැ.
කොළඹ රටේ ඇගේ නිදහස මොන ආකාරයට වින්දත් ඇයට ලැබෙන වැටුපෙන් සැලකියයුතු ප‍්‍රමාණයක් ගෙදරට යැව්වේ නේත‍්‍රාගේ වියදම් පුරවන්න. එහෙත් පුංචි නේත‍්‍රාගේ කුසපුරවන්න ඇගේ සිදාදියේ කාසි දුප්පත් පැලට එනකල් ආච්චි අම්මා බලා සිටියෙ නැහැ. ඇය හැකි අයුරින් පුංචි මිනිපිරීගේ කුස පිරෙව්වා.
නේත‍්‍රාගේ අම්මා අනියම් සබඳතාවක් ලෙස පවත්වාගෙන ගිය නිහාල් කියන්නේ කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ හෝටලයක රියදුරෙක්. කෙසේ වූවත් සුපිරි හෝටලයෙන් ලැබෙන වරප‍්‍රසාද හා ඊටත් එහා ගිය ඔහුගේ සේවය සමඟ නිහාල් ලොකු මුදලක් සෙව්වා. සුඛෝපභෝගීව නිහාල් ගත කරන ජීවිතය නේත‍්‍රාගේ මව මුළා වුණා.
‘‘කෙල්ලෙ උඹටත් රජ සැප විඳින්න ක‍්‍රමයක් තියෙනවා.’’
‘‘මම වැඩ කරන හොටෙල් එකේ Vacancy එකක් තියෙනවා. ඔය රෙදි කඩවල උඹ දුක් විඳින්න ඕනේ නැහැ බං.’’
‘‘උඹට හම්බ කරන විදිහ මම කියලා දෙන්නම්.’’
‘‘උඹේ ඔය ලස්සන රූපෙන් වැඩක් ගනින්, පොළවට පස්වෙලා යන ශරීරයනේ බං ඉන්න කාලේ කාලා බීලා ජොලියෙ ඉන්න ඕන කෙල්ලෙ.’’
‘‘ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. නිහාල්ගේ වදන්වලට නේත‍්‍රාගේ අම්මා එකවරම තැති ගැන්වූනත් නිහාල් කාඞ් කුට්ටමේ තුරුම්බුව ඇද්දේ ඉතා සූක්‍ෂම ආකාරයට. නේත‍්‍රාගේ අම්මා සම්භාහන මධ්‍යස්ථානයේ තෙරපුම්වරියක් ලෙස සිය රාජකාරි ඇරඹුවා. කාලයක් යන විට ඇය එහි පුරුදු කාරියක් වුණා. දවසින් දවස සතියෙන් සතිය සිය රාජකාරි අතරමැද තිරයෙන් පිටුපසද රඟ දැක්වීමට ඇයට අවස්ථාව උදා වුණා. සමාජශාලාවේ ඉල්ලූමට සැපයුම සැපයූ සුරූපිණියන් අතර ඇය වැඩි ඉල්ලූමකට අලෙවි වුණා.
ඒ ආකාරයට වසර කිහිපයක් ගණිකා වෘත්තියේ පළපුරුදුකාරියක් වුණු නේත‍්‍රාගේ අම්මා කොළඹ ප‍්‍රදේශයේ අර්ධ සුඛෝපබෝගී ජිවිතයක් ගත කළා.
ඇය කොළොම්තොටේ රුපියල් නෝට්ටු උඩ සැතපෙන ජීවිතය කිසි විටෙකත් ගෙදරට දැනෙන්න දුන්නේ නැහැ. ඇය ඉතා සුක්‍ෂම ලෙස තම ජීවිතයත්, රැුකියාවත් සරිකර ගත්තා. ඒ අතරතුර නේත‍්‍රාගේ අවශ්‍යතා සියල්ල සපුරාදීම ද ඇයගේ සුපුරුදු කාර්යය ඉටු කළා.
කාලයත් එක්කම නේත‍්‍රා අඟ පසඟින් රූමත් දැරියක් වුණා. ඇයට සිය මවට වඩා රූමත් රුවක් හිමිවුණා. නේත‍්‍රා දැන සිටියේ තම මව කොළඹ ප‍්‍රදේශයේ ඇඟලූම් සේවිකාවක් ලෙස සේවය කරනවා කියලා විතරයි. මොකද නේත‍්‍රාගේ අම්මා ගෙදර පැමිණෙන ප‍්‍රවණතාව අඩු නිසා.
‘‘මාස දෙක තුනකට සැරයක් මාව බලන්න එන අම්මා උපරිම ගෙදර රැුඳුනේ දින 2යි. ආච්චි බනිනකොට අම්මා කිව්වේ වැඩපළේ ගොඩක් වැඩ තියෙනවා කියලා. ඔය අතරතුර දවසක් අම්මා නිවාඩු එනකොට අම්මා ආවේ මාම කෙනෙක් එක්ක. ඒ මාම තමයි නිහාල් කියන්නේ. මාමා ගෙදර ආවට ආච්චිගේ අකමැත්තක් තිබුණේත් නැහැ. ඒ නිසා අම්මා එන හැම දවසකම වගේ ඒ මාමත් අපේ ගෙදර ආවා. ඒ මාමා එන දවසට මට ගොඩක් ජාති අරන් එනවා. අම්මාටත් වඩා ඒ මාමා හොඳයි කියලා සමහර වෙලාවන්වලදී මට හිතුණා.
එහෙම ඉන්නකොට අම්මා නිහාල් මාමව කසාද බැන්දා. ඒ හැමදේම ඒ විදිහට සිදු වුණා. අපි සාමාන්‍ය විදියට ජිවත් වුණා. ඒත් ටික දවසක් යද්දී අම්මයි මාමයි අතර රණ්ඩුසරුවල් ඇතිවුණා. ඒ ඇතිවුණ රණ්ඩු නතර වුණේ පොලිසි පොතෙත් ලියවිලා. මාම සමඟ ඇතිවුණ ප‍්‍රශ්න නිසා අම්මා ගේ ඇතුළේ කාමරේ දොර වහගෙන ඇඟට ගිනි තියාගත්තා. අම්මාව සනීප කරන්න හම්බ කරපු හැම සතේම වියදම් වුණා. මාමා අම්මව දාල ගියා.
මාස ගණනාවක් යද්දී අම්මගේ තුවාල සනීප වුණත් පිච්චුණ කැලැල්වලට ප්ලාස්ටික් සැත්කමක් කරන්න මුදල් තිබුණේ නැහැ. දැනෙන්න ගත්ත ආර්ථික අපහසුතා නිසාම අම්මා නැවතත් කොළඹ වැඩට ගියා.
ඒ වෙනකොට ආච්චි අම්මා හිටියේ පිළිකා රෝගයකට ගොදුරුවෙලා. අම්මා එවන මුදලින් තමයි හැමදේටම වියදම් කරගෙන අපි ජීවත් වුණේ. ඔය අතරතුර ආච්චි අම්මා නැතිවුණා. ආච්චි අම්මගේ මරණයත් එක්ක අම්මා මාව කොළඹ අරන් ආවා. එතනින් මගේ අධ්‍යාපන ගමනත් නතර වුණා.
එහෙම ඉන්නකොට අම්මා දවසක් වැඩ කරනවා කියපු වැඩපලට මාව එක්ක ගෙන ගියා. ඒක ලොකු හෝටලයක් කියලා මම යනකම් දැනගෙන හිටියේ නැහැ. එතන ඉන්න අය මාව දැකලා අම්මා එක්ක මොනවදෝ කථා කළා.
-අම්මා කිව්වා උඹේ පෙනුමත් එක්ක ලොකු පඩියකට මෙතන වැඩ කරන්න පුළුවන්. ඒ සර්ල කියන දේකට කැමති වෙන්න කියලා.”
අම්මා කිව්වා එන සේවාදායකයන්ට හොඳට සලකන්න තියෙන්නේ කැමැති වෙන්න කියලා. ඒකේ එක පැත්තක සම්භාහන මධ්‍යස්ථානයක්. මට මුළින්ම වැඩ කරන්න වුණේ එතන. මුලදි නම් මට වැඩ ටික ටික කියලා දුන්නා. පස්සේ බලාගෙන ඉඳලා ඉගෙන ගන්න කිව්වා. එතනට එන්නේ ගෑනු අය විතරයි කිව්වට වැඩිපුරම ආවේ පිරිමි අය. එතනින් මාව ක්ලබ් එකට දැම්මා. ඒත් අම්මා මාව මේ තත්ත්වයට පත්කරාවි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවට එහෙම කරාවි කියලා හිතන්නේ කොහොමද?
අම්මාගෙ පිළිස්සුම් තුවාලත් එක්ක ටිකකාලයක් යනකම් මහන්සි වෙන්න එපා කියලා දොස්තරලා අම්මාට කියලයි තිබුණේ. මට රස්සාවක් කරපං කියලා බලකරනකොට නොකර ඉන්නේ කොහොමද? මට මේ කිසිම දෙයක් ගැන දැනුම් තේරුමක් තිබුණේ නැහැ. රෑට ක්ලබ් එකේ වැඩ ඉවර කරලා නිදා ගන්නකොට හැමදාම පාන්දර හතර පහ වුණා.
පස්සේ පස්සේ අම්මා කළේ මාව එතනට ගෙනත් ඇරලලා යන එක විතරයි. ක්ලබ් එක ඇතුළේ මට කරන්න තියෙන වැඩවලට අමතරව ඒ උන්ගේ රුපියල් නෝට්ටුවලට විකිණෙන්නත් සිද්ධ වුණා. ඒ සර්ලා කියන දේවල්වලට එකඟ වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
ජීවත් වන්නට බඩගෝස්තරය සරිකර ගැනීමට ඇයගේ අමානුෂික ක‍්‍රියාවන් සාධාරණ වන හේතු කාරණා තිබුණද නේත‍්‍රාගේ මව තම කුසින් උපන් දියණිය ගණිකා වෘත්තියේ යෙදවූයේ උතුම් මව්වරුන් අතර ඒ උතුම් චරිතයට නිගරු කරමිනි. නේත‍්‍රාගේ මවගේ පිළිස්සුම් තුවාල නිසා විරූපී වුණු රූපය ගණිකා වෘත්තියට සුදුසු වුණේ නැහැ. එහෙත් ගතමනාවත් සොයා ගැනීමේ අරමුණින් ඉඳ හිට හෝ පුරුදු රැුකියාවේ නියැලීමට ඇය අමතක කළේ නැහැ.
පැමිණෙන සුපිරි පන්තියේ ඇතැමුන් සොයන දහ අටේ විස්සේ සුරූපිනියන් අතර නේත‍්‍රා ඉහළ මිල ගණන් ඔස්සේ අලෙවි වුණේ ඇගේ මවගේම දැනුවත්කමින්.
-මම වැඩකරපු ක්ලබ් එකට නිතර ආවා ගියා ලොකු සල්ලිකාර අය අතර දේශපාලනයට සම්බන්ධ අයත් ආවා. ඒ හොටෙල් එකේ VIP කියලා වෙනම රූම්ස් තිබුණා.”
නේත‍්‍රාට ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ද ඉගැන්වූයේ ඇගේ මව විසින්මය. පහළොස් හැවිරිදි ඇය සෑම දිනකම මෙම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙද්දී ඇයගේ මව තමන්ගේ දියණියට සැප වාහනයේ සිට දහස් ගණනින් ලංසු තැබුවේය.
පිළිකුළෙන් කැකෑරෙන හිත ඇගේ අම්මට වෛර බඳිනවා. නන්නාඳුනන ඉසව්වක තනිවුණ ඇය මේ පිළිකුල් අතීතයත් හදවතේ තදකරගෙන මේ මුළු සාමජයටම වෛර කරනවා.
-මේ දේවල් මතක් කරන්නවත් මම කැමැති නැහැ. මට මගේ ජීවිතේ ගැනම මහා කලකිරීමක් ඇතිවුණා. මම හැමදාම ජීවත්වුනේ පිළිකුල් වුණු ජීවිතයත් එක්ක. අම්මට විරුද්ධවෙලා පැනලා ආවත් නන්නාඳුනන කොළඹ මම කොහේ කියලා යන්නද? මට බය හිතුනා. මාව අතරමං වේවි කියලා.”
දහදහසේ සිට ඉහළට තම දියණියගේ වටිනාකම මුදලට සීමා කළ නේත‍්‍රාගේ මවට හෝටල් කාමරයේ ඇය නගන කඳුළු බිඳුවල තෙතමනය දැනුණේ නැහැ. දියණියට වඩා ඇය සිතුවේ අතේ රැුඳෙන මොනර කොළ ගැන විතරයි.
සම්භාහන මධ්‍යස්ථානයට මුවා වී පවත්වාගෙන ගිය මෙම ජාවාරම පිළිබඳ ඔය අතරතුර ලැබුණු තොරතුරක් මත පොලිසිය වටලනවා. වැටලීමේදී අත්අඩංගුවට පත්වූ සුරූපිණියන් සුළු දඩයකින් නිදහස් වුවද නේත‍්‍රා බාල වයස්කාර දැරියක ලෙස ඔප්පු වූවේය. ඇය හඬමින් සියලූ තතු නීතිය ඉදිරියේ හෙළි කළාය.
තම කුසින් උපන් දියණියගේ මුළු ආත්මයම විනාශකොට දැමීමට තරම් මාතෘත්වය මෙතරම් තිරිසන් වූයේ කෙසේ දැයි අදහාගත නොහැක. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. වයස අවුරුදු පහළොවක් තරම් පුංචි දියණිය රාත‍්‍රී සමාජ ශාලාවේ මොනර කොළයට මායිම් කරන්නට තරම් මේ අහිංසක මල් කැකුල කළ වරද කුමක්දැයි ඇයවත් තවමත් නොදන්නවා විය හැකිය.
හිතන්න එදා අම්මා දරුවන්ගේ කුස පුරවලා මිසක් තම කුස පුරවගත්තේ නැහැ. ඉතුරු වෙච්ච දං කුඩ ටික කාලා අම්මා මේ පොළවත් එක්ක ඔට්ටු වුණේ පුංචි පැටුවුන්ගේ ඇස් දෙක පාදන්න. අද බලන්න කුසින් වදාපු කිරිදරුවා විකුණලා ඒ මුදල්වලින් රත්තරන් මාල වළලූ ගත්ත අම්මලා ඉන්න සමාජයකය. මේ දරුවන්ගේ හෙට දවස තීරණය කරන්නේ කවුරුන්ද? තිරිසන් සතෙක් තමන්ගේ පැටියා රැකගන්න මොනතරම් අනෙක් සත්තු එක්ක ඔට්ටු වෙනවද? මනුෂ්‍ය සත්තු වෙච්චි අපට මනුෂ්‍යත්වය රැකගන්න බැරි ඇයි? තමන්ගේ දරුවා මුදලට විකුණද්දී ඒ අම්මගේ දරු සෙනෙහස පෑල දොරෙන් පැනලා යන්න තරම් ඒ සෙනෙහස එතරම් දරුණු වුණේ කොහොමද? හිතන්න මොහොතකට ගොනා පසු පස එන කරත්ත රෝදයක් වගේ අපි කරන හොඳ නරක අපි පසුපසම හඹා එනවා. එය තේරුම් ගැනීම ඔබටම භාර කරනවා.
0 comments:
Post a Comment